දිනය: 2023 ජනවාරි 03
2023 වර්ෂයේ දිස්වන පළමු පූර්ණ චන්ද්‍රයා (Full Moon) ජාත්‍යන්තර වේලාවෙන් රාත්‍රී 23:08 ට සූර්යයාට ප්‍රතිවිරුද්ධ දෙසින් විශාලව හා මනරම් ආකාරයකින් දිස්වන අයුරු ලෝකවාසීන් හට දැකගැනීමට අද දිනයේදී අවස්ථාව හිමිවනු ඇත. පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ අද දින දිස්වන අයුරින්ම ගිය වසරේ, එනම් 2022 වසරට අයත් මාස 12 තුළදී එක් එක් මාසයන්හීදී පූර්ණ අවධියට පත්වූ චන්ද්‍රයා (Full Moon phase) ශ්‍රී ලංකාවට දිස්වූ ආකාරයයි. තාරකා විද්‍යාව පිළිබද ඇල්මක් දක්වන ලංකාවේ වෙසෙන "නිවෙත් කුමාර්" (Niveth Kumar) විසින් සිදු කළ තාරකා විද්‍යා ඡායාරූප හසුකර ගැනීමේ ව්‍යාපෘතියක් (astro-imaging project) සදහා ලබාගත් පූර්ණ චන්ද්‍රයන්ගේ ඡායාරූපයන් යොදාගනිමින් පහත දැක්වෙන විස්තරාත්මක ඡායාරූපය ඔහු විසින් නිර්මාණය කොට තිබේ.
එහිදී එක් එක් මාසයේදී දිස්වන පූර්ණ චන්ද්‍රයන් හැදින්වෙන සාම්ප්‍රදායික නාමයන් ද ඡායාරූපය සැකසීමේදී එයට ඇතුළත් කොට ඇත. මෙහි දැක්වෙන එක් එක් පූර්ණ චන්ද්‍රයන්ගේ විශාලත්වයන් ඒවායේ චන්ද්‍ර කලාවන් එනම් අවධීන්ට (full lunar phase) සාපේක්ෂව චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන ඉලිප්සාකාර කක්ෂයෙහි (elliptical orbit), පෘථිවියට වඩාත් ආසනයෙන් ගමන් කළ අවස්ථාව (මෙය perigee ලෙස හදුන්වයි) සහ පෘථිවයට වඩාත් ඈතින් ගමන් කළ අවස්ථාවට (මෙය apogee ලෙස හදුන්වයි) අනුරූපව මෙහිදී නිරූපණය කොට ඇත.
මෙහි දිස්වන ඔරලෝසුවක වූ ඉලක්කම් වල ස්වරූපයකින් දක්වා ඇති පූර්ණ චන්ද්‍රයන් අතරින් පසුගිය වසරේ ජනවාරි මස දිස්වූ "Wolf Moon" නමින් හදුන්වන පූර්ණ චන්ද්‍රයා ඔරලෝසුවෙහි "1' හි කණිසම මගින් දැක්වෙන අතර මෙම වසරේ ජනවාරි මස එනම් අද දින දිස්වන පූර්ණ චන්ද්‍රයා සේම පසුගිය වසරේ ජනවාරි මස දිස්වූ පූර්ණ චන්ද්‍රයා ද පෘථිව් වාසීනට දැකගත හැකි වූයේ චන්ද්‍රයා "apogee' අවස්ථාවට පත්ව දින දෙකක් ගත වූ පසුවය. 2022 වසරේදී මෙන් නොව සුපිරි චන්ද්‍රයින් 4 ක් (super moons), හා නිල් චන්ද්‍රයා (blue moon) නමින් හදුන්වන පූර්ණ චන්ද්‍රයාත් ඇතුළුව පූර්ණ චන්ද්‍රයින් දිස්වන අවස්ථා 13 ක්, 2023 වසරේදී දැකබලා ගැනීමට පෘථිවිවාසීන්ට අවස්ථාව උදා වේ.
Image Credit & Copyright: Niveth Kumar
"Perigee' හා "apogee' අවස්ථාවන්ට අනුව පූර්ණ චන්ද්‍රයන් දිස්වූ අයුරු
Astro-imaging project - Niveth Kumar's instagram
The January full moon is the Wolf Moon