🌞🌎 2023 වර්ෂයේ සූර්ය සමීපකය: "Perihelion Sun 2023" 🌏🌞

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    XIEOueT.jpg



    දිනය: 2023 ජනවාරි 14

    2023 වසරේදී පෘථිවිය, සූර්යයා ආසන්නයෙන්ම ගමන් කළ මොහොත, එනම් 'Perihelion' අවස්ථාවට (සූර්ය සමීපකය) සම්ප්‍රාප්ථ වීම සිදුවූයේ පසුගිය ජනවාරි 04 වන දින, සම්මත ජාත්‍යයන්තර වේලාවෙන් (UTC - Coordinated Universal Time) 16:17 ට පමණය. එය සිදුවී හෝරා 24 කට නොඅඩු කාලසීමාවකදී ලබාගත් පහත දැක්වෙන ඡායාරූපය හසුකර ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවෙහි, සිඩ්නි නගරයේ සිට, "හයිඩ්‍රජන්-ඇල්ෆා පෙරහන්" (H-alpha filter) භාවිතා කරන ලද ප්‍රකාශ දුරේක්ෂයක් උපයෝගී කර ගනිමිනි. මෙම "හයිඩ්‍රජන්-ඇල්ෆා පෙරහන්" (H-alpha filter) මගින් ආලෝකයේ වූ එක් නිශ්චිත තරංග ආයාමයක් පමණක් සම්ප්‍රේෂණය කිරීම සිදු කරන අතර මෙම තරංග ආයාමය, සූර්යයා මගින් බහුල වශයෙන් නිකුත් කරනු ලබන හයිඩ්‍රජන් පරමාණු මගින් විමෝචනය වන ආලෝකයේ තද රතු පැහැයකි.

    මෙහි දිස්වන සූර්යයාගේ වූ බාහිර ස්ථරය නැතහොත් දෘ‍ෂ්‍ය ස්ථරය වන්නේ, සූර්යයාගේ පවතින 'ප්‍රභාගෝලය' (photosphere) නම් වූ වායුගෝලීය ස්ථරයට ඉහළින් පිහිටි 'වර්ණ ගෝලය' (chromosphere) ලෙස හදුන්වන සූර්යයාගේ බාහිරින්ම පවතින වායුගෝලීය ස්ථරයයි. "හයිඩ්‍රජන්-ඇල්ෆා පෙරහන්" භාවිතා කරමින් ලබාගත් මෙම ඡායාරූපය මගින් දිස්වන සක්‍රීය සූර්යයාගේ වූ 'වර්ණ ගෝලයෙහි' (chromosphere) ඇති ග්‍රහලෝක ප්‍රමාණයේ අඳුරු හිරු ලපවලින් යුක්ත වූ ප්‍රදේශයන් (sunspot regions) අබිභවා මෙහිදී කැපී පෙනෙනුයේ 'plages' නමින් හදුන්වන දීප්තිමත් ලපවලින් යුක්ත වූ ප්‍රදේශයන් ය. මීට අමතරව අඳුරු සූත්‍රිකාවන්ගෙන් සමන්විත වූ ප්ලාස්මාවන් මෙන්ම සූර්ය පෘෂ්ඨයේ සිට ඉහළට පැන නැගි දීප්තිමත් සූර්ය ගින්දළු ද (solar prominences) මෙහිදී දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය.


    Image Credit & Copyright: Peter Ward (Barden Ridge Observatory)

    Sol3Jan2023web.jpg





    Happy Perihelion 2023: Close to the Sun

    Earth reaches its closest point to the sun

    Sunspots and Active Regions


    H-alpha filter

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    TNTCr38.jpg



    දිනය: 2023 මැයි 17

    විශාල හිරු ළපයක ක්ෂය වී යාමත් සමග නිර්මාණය වන "Light bridge" නම් වූ සූර්යයා මත ඇති ඉතා උණුසුම් වායු මගින් නිර්මාණය වූ පාළමක ස්වරූපයක් ගන්නා ව්‍යුහයක් සහ ඒ වටා පිහිටි හිරු ළප (Sun spots) කීපයක් කැමරා කාචයට හසු වූ අයුරු.


    Image Credit & Copyright: Mark Johnston

    SunSpotBridge_Johnston_960.jpg