TFS bro!
ඒ කොහොමද බං 14 billion light years ඈත බලපුවාම big bang එක පේන්නේ?
ආලෝක වර්ෂයක් කියන්නෙ ආලෝකය වර්ෂයක් තුල ගමන් කරන දුර.
ආලෝක වර්ෂ බිලියන 14 ක දුර තියෙන දෙයක් අපි දකිනවා කියන්නෙ, ඒ අවුරුදු බිලියන 14 කට කලින් ඒකෙන් පිටවෙච්ච ආලෝකයයි දකින්නෙ.
මේ විදිහට,
හඳ අපිට පේන්නෙ ඒක තත්පර එක හමාරකට කලින් තිබුනු විදිහට. (දුර:
ආලෝක තත්පර 1.2)
ඉර පේන්නෙ විනාඩි 8කට කලින් තිබුනු විදිහට. (දුර:
ආලෝක මිනිත්තු 8.3)
ප්‍රොක්සිමා සෙන්චූරි තරුව අපිට පේන්නෙ ඒක අවුරුදු 4 කට කලින් තිබුනු විදිහට. (දුර:
ආලෝක වර්ෂ 4.2)
ඒ කියන්නෙ අහසෙ පේන තරු වල සෑහෙන කාලේකට කලින් තිබුනු ස්වරූපයයි අපිට පේන්නෙ. ඒ සමහර ඒව මේ වෙද්දි විනාශ වෙලා වෙන්නත් පුලුවන්.
(big bang එක බලන්න පුලුවන්ද කියල නම් මං දන්නෑ. )