🌟🌌🛰️ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු "Cartwheel" මන්දාකිණියේ (Cartwheel Galaxy) අසිරිය 🛰️🌌🌟

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් "Cartwheel Galaxy" නැතහොත් "ESO 350-40" හා "PGC 2248" යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන කාචාකාර මන්දාකිණියෙහි (lenticular galaxy) නවතම ඡායාරූපයක් ඇමරිකාවේ නාසා ආයතනය විසින් එළිදැක්වීම ඊයේ දිනයේදී සිදුකරන ලදී. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 500 ක් පමණ දුරින්, 'Sculptor' නම් තාරකා රාශියේ පිහිටා තිබෙන, ආලෝක වර්ෂ 144 300 ක විෂ්කම්භයකින් යුක්ත වූ මෙම මන්දාකිණිය "Cartwheel
    ආච්චිට හාල් ගැරෙන දුරවල් නේ යකෝ මේ !!!

    Webb ට 13.6 billion light years පේනවා නේද ? ඊ ලගට හදන telescope එකට එතකොට big bang (14 LY) එක පෙන්න ඕනේ නේ .... ඒක 2040 විතර වෙනකොට හදයි ද දන්නේ නෑ ... යනවිදිහට අපිට 2040 වෙනකන් ඉන්න වෙන එක sure නැ... big bang එකත් බලලම මැරෙන්න තිබුනානම් තමයි හොද
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    උඹ වැඩේ නියමට කරනව බන්. කරුණු ටික ලස්සනට organize කරල තියනව. කිරියට ආවොත් උඹේ ත්‍රෙඩ් එකක් තියනවද කියල අනිවාරෙන් බලනව. Keep it up👏
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    TFS bro! (y)


    ඒ කොහොමද බං 14 billion light years ඈත බලපුවාම big bang එක පේන්නේ?
    ආලෝක වර්ෂයක් කියන්නෙ ආලෝකය වර්ෂයක් තුල ගමන් කරන දුර.
    ආලෝක වර්ෂ බිලියන 14 ක දුර තියෙන දෙයක් අපි දකිනවා කියන්නෙ, ඒ අවුරුදු බිලියන 14 කට කලින් ඒකෙන් පිටවෙච්ච ආලෝකයයි දකින්නෙ.

    මේ විදිහට,
    හඳ අපිට පේන්නෙ ඒක තත්පර එක හමාරකට කලින් තිබුනු විදිහට. (දුර: ආලෝක තත්පර 1.2)
    ඉර පේන්නෙ විනාඩි 8කට කලින් තිබුනු විදිහට. (දුර: ආලෝක මිනිත්තු 8.3)
    ප්‍රොක්සිමා සෙන්චූරි තරුව අපිට පේන්නෙ ඒක අවුරුදු 4 කට කලින් තිබුනු විදිහට. (දුර: ආලෝක වර්ෂ 4.2)

    ඒ කියන්නෙ අහසෙ පේන තරු වල සෑහෙන කාලේකට කලින් තිබුනු ස්වරූපයයි අපිට පේන්නෙ. ඒ සමහර ඒව මේ වෙද්දි විනාශ වෙලා වෙන්නත් පුලුවන්.

    (big bang එක බලන්න පුලුවන්ද කියල නම් මං දන්නෑ. )
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    උඹ වැඩේ නියමට කරනව බන්. කරුණු ටික ලස්සනට organize කරල තියනව. කිරියට ආවොත් උඹේ ත්‍රෙඩ් එකක් තියනවද කියල අනිවාරෙන් බලනව. Keep it up👏
    බොහොම ස්තූතියි, සහෝ :love2:(y)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් අධෝරක්ත කිරණ දත්තයන් ද (මෙම දත්තයන් ඡායාරූපයෙහි දිස්වන රතු, තැඹිලි, කහ, කොළ හා නිල් පැහැති ප්‍රදේශයන් මගින් නිරූපණය වේ), "Chandra X-ray Observatory" නම් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් X- කිරණ දත්තයන් (ලා නිල් පැහැති ප්‍රදේශයන්ගෙන් දැක්වේ) සහ මේ වන විට විශ්‍රාම ගන්වා ඇති නාසා'හි "Spitzer' අභ්‍යවකාශ දුරේක්ෂය (Spitzer Space Telescope) මගින් ලබාගත් දත්තයන්ගේ සං‍යෝජනයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද Cartwheel Galaxy දැක්වෙන ඡායාරූපය පහත දක්වා තිබේ.

    chandrawebb_cartwheel_comp-800x736.jpeg




    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් අධෝරක්ත කිරණ දත්තයන් ද, "Chandra X-ray Observatory" නම් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් X- කිරණ දත්තයන් ද යොදාගෙන නැවත ප්‍රතිනිමාණය කරන ලද "Stephen’s Quintet"දැක්වෙන ඡායාරූපය පහතින් දක්වා තිබේ.

    chandrawebb_stephansquintet_comp-800x767.jpeg




    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 13 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු විශ්වයේ අසිරිය 🌌🔭🌎


     

    Similar threads