🌟💥🌌 "The Large Magellanic Cloud (LMC)" නම් වූ "පරිවාර වාමන මන්දාකිණිය" තුළ පිහිටා ඇති මනරම් ද්විත්ව තාරකා පොකුර: "NGC 1850" 🌌💥🌟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    XIEOueT.jpg



    දිනය: 2023 පෙබරවාරි 20

    නාසා'හි හබල් දුරේක්ෂය මගින් ලබාගත් පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ අපගේ ක්ෂීරපථය මන්දාකිණියේ සිට මදක් ඔබ්බට වන්නටව පිහිටා තිබෙන විශාල තාරකා ප්‍රමාණයක් එකට සං‍යුක්ත වී බිහිවූ දැවැන්ත ද්විත්ව තාරකා පොකුරකි (double star cluster). "NGC 1850" යන නාමයෙන් හදුන්වනු ලබන මෙම තාරකා පොකුර ක්ෂීරපථය මන්දාකිණියට යාබදව පිහිටි පරිවාර වාමන මන්දාකිණියක් (satellite dwarf galaxy)වන "The Large Magellanic Cloud (LMC)" හි මධ්‍ය තීරුවෙහි වයඹදිග කොටස තුළ පිහිටා ඇති අතර එයට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 168 000 ක පමණ දුරක් පවතී. 'Dorado' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම "NGC 1850" ද්විත්ව තාරකා පොකුරේ විෂ්කම්භය ආලෝක වර්ෂ 20 ක් පමණ වෙතැයි ගණනය කොට තිබේ.

    විශ්වයෙහි මූලාරම්භක සමයේදීම බිහිවූ ඝනත්වය අතින් ඉහළ අගයක් ගන්නා සහ රදවා තබාගෙන ඇති තාරකාවන් ප්‍රමාණය අතින් ඉතා ඉහළ අගයක් ගන්නා ගෝලාකාර තාරකා පොකුරුවලට (globular clusters) මෙම "NGC 1850" තාරකා පොකුර සමාන කමක් දැක්වුව ද එහි ඇති තාරකාවන් සියල්ලම පාහේ වයසින් ඉතා අඩු වූ ලාබාල තාරකා වීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස මෙහිදී දැක්විය හැකිය. මෙවැනි සුවිශේෂ ලක්ෂණ සහිත ගෝලාකාර තාරකා පොකුරු ගනයට අයත් තාරකා පොකුරක් අපගේ ක්ෂීරපථය තුළ මෙතෙක් හමුවී නොතිබීම හේතුවෙන් තාරකා විද්‍යාඥයින්ගේ විශේෂ අවධානයක් මෙම තාරකා පොකුර වෙත යොමුවීමට හේතු වී තිබේ. ඉහතදී සදහන් කළ පරිදි ද්විත්ව තාරකා පොකුරක් වන මෙම "NGC 1850" තාරකා පොකුරෙහි දැවැන්ත මධ්‍යයය ප්‍රදේශයේ සිට මදක් දකුණු පසට වන්නටව පිහිටි තාරකා විශාල ප්‍රමාණයකින් සැදුම්ලත්ව පවතින සං‍යුක්ත තාරකා පොකුර (compact star cluster) මෙහිදී දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය.

    මෙම ද්විත්ව තාරකා පොකුර අතරින් වඩාත් විශාල තාරකා පොකුරෙහි ඇති තාරකාවන්ගේ වයස වසර මිලියන 50 ක් පමණ වනු ඇතැයි ගණනය කොට ඇති අතර සං‍යුක්ත තාරකා පොකුරේ අඩංගු තාරකාවන්ගේ වයස වසර මිලියන 4 ක් පමණ වෙතැයි ද ගණනය කොට තිබේ. ඡායාරූපයෙහි වම්පසට වන්නටව දිස්වන දිදුළන වායු සූත්‍රිකාවන් මගින් "supernova remnant" (සුපර්නෝවා පිපිරීමකට පසු ඇතිවන දැවැන්ත අවශේෂයන් ව්‍යුහය ලෙස ද හැදින්විය හැක) අවස්ථාවක ලක්ෂණ පෙන්නුම් කරන අතර තාරකා පොකුරට අයත් අඩු ආයු කාලයක් සහිත දැවැන්ත තාරකාවන්ගේ සිදුවූ සුපර්නෝවා පිපිරීම් මෙම ප්‍රදේශය තුළ මෑතකදී සිදුව ඇති බවට මෙමගින් සාක්ෂි සපයයි.


    Image Credit: NASA, ESA and P. Goudfrooij (STScI); Processing: M. H. Özsaraç (Türkiye Astronomi Derneği)

    Ngc1850_HubbleOzsarac_2048.jpg





    NGC 1850 (Star Cluster)

    The Large Magellanic Cloud (LMC)

    Hubble Space Telescope







     

    Similar threads