අපි මේ ලිපියේදී කතා කරන්නේ Tor Network එකට යන්නේ කොහොමද කියලා..හැබැයි Dark Web කියන්නේ Tor Network එකට විතරක් නෙමෙයි..
https://www.torproject.org/download/download-easy.html.en
- කවුරු කොහොම කිව්වත් Tor Browser එකෙන් ඔයාලට 100% Privacy එකක් ලැබෙන්නේ නෑ..ඒ නිසා නීතිවිරෝදී දේවල් කරනවානම් පරිස්සමින්
- අනිත් එක Tor Network එකේදී මුදල් විදිහට පාවිච්චි වෙන්නේ Bitcoins.හැබැයි Tor network එකේ තියන හැමදේම ඇත්ත නෙමෙයි..ඒ කිව්වේ ඔයාව රවට්ටලා සල්ලි ගන්ඩ ඕන තරම් website බලන් ඉන්නවා..ඒ හින්ද මුදල් ගනුදෙනු පරිස්සමින්.
- පුළුවන්නම් WebCam එකට කළු ටේප් එකක් අලවගන්ඩ..Dark Web එක Malware වලින් පිරිලා තියෙන්නේ..ඒ එකක් හරි ඔයාගේ පරිගණකයට ආවොත් WebCam එකෙන් ,Mic එකෙන් ගන්න දේවල් වලින් ඔයාව Blackmail කරන්න පුළුවන්.
මේ විදිහට Window එකක් දකින්න පුළුවන් වෙයි..මෙතැනදී ඔයාට පුළුවන් කෙලින්ම Connect කියන Button එක click කරලා බලන්න..සමහරවිට කිසි ප්‍රශ්නයක් නැතුව Tor network එකට connect වෙලා Tor Browser එක open වෙයි..හැබැයි සමහරවිට ඔයාගේ ISP, ඒ කිව්වේ ඔයාට අන්තර්ජාල පහසුකම් ලබාදෙන ආයතනය විසින් Tor Network එක block කරලනම් තියෙන්නේ, connect වෙන්න බැරි වෙයි..
Tor Network එක කියලා කියන්නේ ලෝකේ වටේම තියන ස්වේච්චාවෙන් ලබාදීලා තියන Server ගොඩක එකතුවක්.මෙන්න මේ විදිහේ Server වලට අපි කියනවා Tor Relay එකක් කියලා..අපි Tor Network එකට connect වෙනවා කියන්නේ මෙන්න මේ Tor Relay එකකට connect වෙන එක..
ඉතින් අපේ ISP කරන්නේ මේ විදිහට TOR Relay හොයාගන්න පුළුවන් ඔක්කොම හොයාගෙන ඒවාට Connection Block කරලා දානවා..ඉතින් අපිට පුලුවන්නම් අපේ ISP ට හොයාගන්න බැරි TOR Relay එකකින් Tor Network එකට Connect වෙන්න...එහෙනම් කාටවත් අපිව block කරන්න බැනේ නේද..
මේකට හේතුව තමයි Tor network එකේ තියන Hidden Website වල තියන්නේ .onion domain name එක..අපි අපේ web browser එකේ domain name එකක් ගැහුවම ඇත්තටම Web browser එක දන්නේ නෑ මේ කියන web site එක කොහෙද තියෙන්නේ කියලා..එහෙම හොයාගන්න නම් ඒ domain name එකට අදාළ IP Address එක හොයාගන්න ඕනේ..
මේ විදිහට වෙබ් අඩවියක Domain name එක දුන්නම එකේ IP Address එක දෙන විශේෂ Server ජාතියක් තියනවා..අපි මේවට කියනවා DNS Server කියලා..ඉතින් අපි සාමාන්‍ය WebBrowser එකක .onion domain name එකක් ගැහුවට ඒකට අදාල IP Address එක DNS Server වල නෑ.. මේ විදිහේ .onion වෙබ් අඩවි වලට යන්න ඕනි නම් Tor Network එකට සම්බන්ද වෙන්නම වෙනවා.. දැන් ඉතින් ඔයාලා දන්නවනේ කොහොමද tor යන්නේ කියලා..
(තොරතුරු අන්තර්ජාලයෙනි..)
