🌪️බුරවි සුළි කුණාටු තත්වයට සූදානම්ද?‼️

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    🔴
    හැකිතාක් මෙය හැමෝම අතර බෙදාහරින්න
    🔴

    👇
    👇
    👇
    👇
    👇
    👇

    🌪️
    බුරවි සුළි කුණාටු තත්වයට සූදානම්ද?
    ‼️

    * වසර ගණනාවකට පසු ලංකාවට සුළිකුණාටුවක් ඇතුල් වේ..

    1.ඔබේ නිවසේ වහලය සහ අවට ආරක්ෂිතදැයි පරීක්ෂා කරන්න.

    2.ඔබේ නිවසට අනතුරුදායක විය හැකි ගස් හෝ (අවම වශයෙන් අතු )කපා දමන්න.

    3.ඔබේ නිවස අවට ඇති අධික සුළං හෝ වැසි තත්වයකදී හානියක් සිදුවිය හැකි ලිහිල් සැහැල්ලු ද්‍රව්‍ය ඉවත් කරන්න.

    4.කුණාටු / මුහුද රළු වීම /ගංවතුර තත්වයක් ඇති වුවහොත්, ළගාවීම සදහා ඔබේ ළඟම ඇති ආරක්ෂිත උස් බිම සහ එයට ආරක්ෂිතව යා හැකි ප්‍රවේශ මාර්ගය දැන ගන්න.

    5.හදිසි තත්වයකදී නිවසින් ඉවත්වීමට සිදුවුවහොත් භාවිතයට ගැනීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු හදිසි උපකරණ කට්ටලයක් පිළියෙළ කරගන්න
    ❗️
    විදුලි පන්දමක් සහ අමතර බැටරි
    ❗️
    බීමට ජලය
    ❗️
    ආහාර ද්‍රව්‍ය
    ❗️
    ප්‍රථමාධාර කට්ටලයක්
    ❗️
    වටිනා ලියකියවිලි
    ❗️
    ඇඳුම්, අත්‍යවශ්‍ය ඖෂධ, ළදරුවන්ට අවශ්‍ය දේ
    ❗️
    අවශ්‍ය යැයි හැගෙන දෙයක්

    6.හදිසි සේවා වල දුරකථන අංක ලැයිස්තුවක් ළග තබා ගන්න.

    7.වාහනවල ඉන්ධන ටැංකි පුරවා තබාගන්න.

    8.ඔබේ නිවසේ ජල ටැංකි පුරවා තබාගන්න.

    9.නිවසේ ශක්තිමත්ම කොටස කොහේද යන්න සහ සුළි සුළං තත්වයකදී නිවැසියන් සමග සිටිය හැකි ආරක්ශිතම ස්ථානය ගැන සහතික වන්න.

    10.වැඩිදුර තොරතුරු සහ අනතුරු ඇඟවීම් සඳහා ගුවන් විදුලිය / රූපවාහිනිය ට සවන් දෙන්න.

    11.රැගෙන යා නොහැකි වටිනා භාණ්ඩ, වැදගත් ලිපි ලේඛන, ඡායාරූප සහ සිහිවටන ජලය නොයන සේ ආරක්ෂිත බෑග්වල බහා විශාල / ශක්තිමත් අල්මාරියකට දමන්න .

    සුළි කුණාටු අවස්ථාවේදී

    1.හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින්න

    2.ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඇඳුම් අඳින්න.

    3.දොරවල් අගුළු දමන්න හැකිනම් විදුලිය සහ ජලය ක්‍රියා විරහිත කරන්න.

    4.ගොඩනැගිල්ලේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටින්න (ජනේල වලින් හොඳින්) ඈත්ව සිටින්න.

    5. සියලුම විදුලි උපකරණ විසන්ධි කරන්න

    6.ආරක්ශිත ස්ථානයක් වෙත යන්නේ නම් ගංවතුර හා සුළං අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දේ රැගෙන වේලාසනින් පිටත්ව යන්න.

    7.පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කරන්න.

    8.ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගනී නම් ශක්තිමත් මේසයක් හෝ බංකුවක් යටට යන්න.

    9.සුළඟ හමා ගිය පසු සුළි සුළඟ අවසන් යැයි නොසිතන්න. දරුණු සුළං ඉක්මනින් වෙනත් දිශාවකින් නැවත ආරම්භ විය හැක.

    10.රිය පැදවීම සිදුකරන්නේනම්, වහාම රථය නවත්වන්න (හෑන්ඩ්බ්‍රේක් සහ ගියර් වලින්) – නමුත් මුහුදෙන් ,ගස් වලින් හා විදුලි රැහැන් සහ කණු වලින් ඈත් ව නවත්තන්න.

    11.වාහනයේම රැඳී සිටින්න.

    12.හානියට පත් විදුලි රැහැන්, පාලම්, ගොඩනැගිලි, ගස් වලින් පරිස්සම් වන්න, ගංවතුරට බහින්න එපා.

    මෙය වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට කුණාටුවක් ඇතුල් වෙන පලමු අවස්ථාවයි.

    ගංගා ජලාශ ආසන්නයේ සිටින ජනතාවත් කඳුකර ජනතාවත් ඉතා ප්‍රවේසම් විය යුතු ය.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    උඹ එන්න කලින් දාන්න ඕන එව්වා ඇවිල්ල ගියාට පස්සෙද දාන්නේ