ඉඩම තමන්ගෙ සල්ලිවලින් වගේ අරන් දිගු කාලීන අායෝජන කියල හිතුවොත් shape. ඉඩම ගන්නත් ලෝන් ගහල වාරික ගෙවන ගමන් කරන්න ගියොත් ටික කාලෙකට පාඩු පිට තමයි යන්න වෙන්නෙ. සාත්තු නම් හරියටම කරන්න වෙනවා. පොහොර වෙලාවට දාන්න ඕන, වල් ගලවන්න ඕන, කප්පාදුව ගාණට කරන්න ඕන. වැඩ කරන උන්ටත් සාමාන්‍යයෙන් දැන් කම්කරු පඩිය දෙන්න ගියොත් නම් කරන්න වෙන් නෑ. මුලින්ම ලාබ ගන්න කියල සාත්තු අතපහු කරොත් නම් ඉවරම තමයි.
දෙමළ පවුල් කීපයක් වගේ පදිංචි කරගෙන පොඩි ලයිමක් වගේ හදලා දීලා current එකත් දීලා වගේ කරා නම් කඩන්න දෙන ගාණ ටිකක් අඩුවට කතා කරගන්න පුළුවන්. අනික එතකොට පවුල්වල පොඩි උනුත් දළු කඩනවා. ගොඩක් ඉතින් unofficial සීන් එකේ තමයි යන්න තියෙන්නෙ. පොඩි උන් ටික පළාතෙ ඉස්කෝලවලට දම්මල දීලා, ගෑනු අයවත් ගෙදර වැඩට වගේ අරගෙන, පොලීසිවලට එහෙම ටිකක් අඳුන්වල දීලා, ඉඳල හිටල උන්ගෙ ඔය එක එක උත්සවවලට ගාණක් දීලා, පොඩි උන්ට සෙල්ලම් බඩු එහෙම අරන් දීලා වගේ ටිකක් දෙපැත්තටම trust එක හැදෙන විදිහට මනුස්ස පාටට වැඩේ කරා නම් උනුත් පණ දෙන්ඩ වගේ වැඩේ කරනවා. එහෙම වුණාම උන්ටත් අාරක්ෂාව, පැවැත්ම එහෙම තියෙනවනෙ බං. එතකොට හොර බොරු අඩුයි. තනිකරම business mind එකේම කරන්න ගියොත් නම් අනාතයි.
එ් ටික හදා ගත්තොත් නම් ගොඩ තමයි. මාසෙකට අක්කරයකින් ලක්ෂෙට එහා ලාබය ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඕක හූරල වගේ වැඩි කරගන්න නම් පුළුවන් ඉතින්, හැබැයි එතකොට දන්නවනෙ අරුනුත් අකුරට වැඩ කරන්න ගන්නවා. විශ්වාසෙ, respect එක වගේ දේවල් එක්ක යද්දි ඉතින් pure ලාබෙට වඩා හොඳක් තියෙනවා කොච්චර වුණත්. එ්ක ඉතින් තමන්ට වැදගත් කියල හිතෙන දේවල් අනුව තමයි. මම ඔය spa එකකට ගියත්, බඩුවක් ගහන්න ගියත් cost benefit analysis කරනවට වඩා ඔහොම මනුස්ස පැත්තෙන් යමන්, කරන දෙයක් අහල, කියල කරපන්, එතකොට හිතට යනවා වැඩියි කියල කියලම තියෙනවනෙ. හැමෝටම එ්ක සෙට් නොවෙන්න පුළුවන්, හැබැයි එහෙම හදා ගත්ත උන් නොකියන දේ පවා කරනවා ඉතින්.
පෝලිමට සාමාන්‍යයෙන් ඔය හිටවන ගෑනු අයගෙ පියවර දෙකක් දුරට, තීරුවලට පියවර තුනක් දුරට කියල කියන්නෙ බං. එ් කියන්නෙ සාමාන්‍යයෙන් අඩි 4.5 වගේ ගස් අතර. පේළි අතර අඩි 7 ක් වගේ. ඔය එක යායට වගේ හිටවන එ්වා අඩි 4x4 හිටවන්නෙ එ්ක ඉතින් අනිවා අවුරුදු 15-18 අතර ගලවන්නම වෙනවා.