🌷ආනන්ද සිටුවරයාගේ කතා පුවත🌷

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🌷ආනන්ද සිටුවරයාගේ කතා පුවත🌷

    පෙර සැවැත් නුවර සතළිස් කෙළක් ධනය ඇත්තා වූ ආනන්ද සිටු නම් වූ තද මසුරෙක් විය.

    ඔහු සති දෙකකට වරක් නෑයන් රැස් කරවා නෑයන්ට ද, මූලසිරි නම් වූ තම පුත්‍ර‍යාට දවසට තුන් වරක් ද මෙසේ අවවාද කරයි.

    මේ සතළිස් කෙළක් ධනය බොහෝ යයි නො සිතව. ඇත්තා වූ ධනය කිසිවකුටත් නො දිය යුතුය. අලුත් අලුත් ධනය නිපදවිය යුතුය. එක කහවණුවක් මුත් වියදම් කිරීමෙන් ධනය අඩු වන්නේ ය.

    “අඤ්ජනානං ඛයං දිස්වා - උපචිකානඤ්ච ආචයං
    මධුනඤ්ච සමාහාරං - පණ්ඩිතෝ ඝරමාවසේ.”

    “වරකට ඉතා ස්වල්පයක් බැගින් කූරකින් ගෙන ඇස ගල්වන අඳුන්වල කලකින් ක්ෂය වීම ද, ඉතා ස්වල්පය බැගින් ගෙනවුන් කරන වේයන් ගේ තුඹස් බැඳීම ද, මීමැස්සන් සේ පැණි රැස් කිරීම ද බලා ආදර්ශයට ගෙන නුවණැත්තේ ගෘහයෙහි වසන්නේය” යනුයි.

    මෙසේ පරහට ද මසුරු වනු පිණිස අනුශාසනා කරන්නා වූ ආනන්ද සිටු, තමා ගේ මහා ධනය පස පුත්‍ර‍යාට ද නො කියා කළුරිය කොට, සැවැත් නුවර සමීපයේ සැඩොල් ගමක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේය. රජතෙමේ ඔහුගේ කාලක්‍රියාව අසාමූලසිරිට සිටු තනතුර දිණ. ඒ සැඩොල් ගමෙහි පවුල් දහසක් වෙති. ඒ සියල්ලෝ ම එකට කර්මාන්ත කරන්නෝය.

    ආනන්ද සිටු එහි පිළිසිඳ ගත් තැන් පටන් ඔවුනට ඒ වේලාව පසු කර ගැනීමට පමණ මුත් සහල් මිටක් පමණවත් ඉතිරි කර ගන්නට දෙයක් නො ලැබෙන්නට විය. පසු ව ඔවුහු අප දැන් බොහෝ වැඩ කොට ද කිසිවක් නො ලැබෙන්නේ අප අතර කාලකණ්ණියකු සිටීමෙන් විය යුතු යයි දෙකට බෙදුණෝ ය. මෙසේ ඔවුහු නැවත නැවත කොටස් කොටස් වී අන්තිමේ දී ආනන්ද සිටු පිළිසිඳ ගත් පවුල දක්වා වෙන් වූහ. ඉන්පසු ඒ අඹු සැමි දෙදෙන ද වෙන් වූහ.

    ආනන්ද සිටුගේ මව යැපීමට පමණ වූ ආහාර ද ඉතා දුකගේ සිඟා ලබමින් ජීවත් ව දරුවා වැදුවා ය. ඔහුගේ අත් පා කන් නාසාදි එක ම අවයවයකුදු සුදුසු පරිදි නො පිහිටියේ ය. අංග විකලත්වයෙන් යුක්ත වූ ඒ දරුවා පංසුපිසාචයකු වැනි විය.

    කුසහොත් දරුවා ගැන මව්වරුන්ගේ ප්‍රේමය ඉතා අධික බැවින් පංසු පිසාචයකු වැනි වූ ද ඒ දරුවා ඈ පෝෂ්‍ය කළාය. ඇයට ඒ කාලකණ්ණි දරුවා සමග යන දිනවල කිසිවක් නො ලැබෙන්නේය. දරුවා තබා යන දිනවල දී බත් වැටුප් ලැබෙන්නේ ය. ඈ ඒ දරුවාට පිඬු සිඟා යා හැකි තරමට වැඩෙන තෙක් ඉතා දුකසේ පෝෂණය කොට “දරුව, නුඹ නිසා මම බොහෝ දුක් වින්දෙමි. සෑම කල්හි ම මෙසේ මා විසින් විඳිය නො හැකිය. මේ නගරයෙහි දුගී මගී යාචකයන්ට බත් දෙන තැන් ඇත. නුඹ ඒ තැන්වලට ගොස් සිඟා කා ජීවත්වෙව”යි කියා දරුවා බැහැර කළාය.

    ඔහු සැවැත් නුවර ගෙපිළිවෙළින් සිඟ සිඟා යනුයේ ආනන්ද සිටු කලැ තමා විසූ ගෙය සමීපයට පැමිණි කල්හි පූර්ව ජන්මය සිහි වී තමාගේ ගෙට ගියේය. පළමුවන දෙවන තුන්වන දොරටුහල්වල රැකවල් ගෙන සිටි මිනිසුන් ගැන කිසිදු සැලකීමක් නො කොට ඔහු සතර වන දොරටුහල දක්වා ගියේ ය.
    එහිදී මූලසිරිගේ දරුවෝ පංසුපිසාචයකු වැනි වූ විරූප ඔහු දැක බිය වී හඬන්නට වූහ. එකල්හි එහි වූ මුරකරුවෝ “මේ කාලකණ්ණියා මෙහි කුමට ආයෙහි දැ”යි කියා තළ තළා බැහැර කරන්නාහු කසළගොඩකට ඇද දැමූහ. එදින බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා පිඩු සිඟා වඩනා සේක් මේ ප්‍ර‍වෘත්තිය ආනන්ද ස්ථවිරයන් වහන්සේට කී සේක.

    එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ එතනට මූලසිරි කැඳවූහ. මහජනයා ද රැස් වූහ. බුදුරජාණන් වහන්සේ මූලසිරි අමතා, “නුඹ මොහු හඳුනන්නෙහිදැ”යි අසා “නො හඳුනමි”යි කී කල්හි, නුඹේ පියා වූ ආනන්ද සිටාණෝ යයි වදාරා ඔහු නො ගිවිස්නා කල්හි ආනන්ද සිටු ලවා පඤ්චමහා නිධානය ඇති තැන් මූලසිරිට කියවා විශ්වාස කරවූ සේක. එකල්හි මූලසිරි බුදුන් කෙරෙහි පැහැද සරණ ගියේය. එතැන්හිදී බුදුරජාණන් වහන්සේ:

    “පුත්තාමත්ථි ධනම්මත්ථි
    ඉති බාලෝ විහඤ්ඤති
    අත්තාහි අත්තනො නත්ථී
    කුතෝ පුත්තා කුතෝ ධනං”

    යනුවෙන් බාලයා මාහට පුත්‍රයෝ ඇත. ධනය ඇත කියා දුක් වෙයි. තමා ද තමාට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද? මෙසේ දහම් දෙසූ සේක. ඒ දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වූයේ ය.

    සාමාන්‍ය මාත්සර්‍ය්‍යයට වඩා අධික වූ මාත්සර්‍ය්‍යකුදු වෙයි. එයට කදරිය ය යි කියනු ලැබේ. එයින් සිත අතිශයින් ම කිළිටි කරයි. කදරියයෙන් කිලිටි වූ සිත් ඇත්තේ තමා දන් දෙනු තබා අනුන් දෙනවාට ද කැමති නො වෙයි. අසදෘශ දානය ගැන සිත දූෂ්‍ය කර ගැනීමෙන් රටින් නෙරපනු ලැබූ කාල නම් ඇමතියා මෙන් අනුන් දෙනු දුටු කල්හි ද සිත දූෂ්‍ය කර ගනී. ආනන්ද සිටු මෙන් අනුන් දෙනු වළක්වන්නට අනුශාසනා කරයි. සමහර විට දෙන්නවුන් කෙරෙහි කිපෙයි.
    සමහර විට ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි කිපෙයි. සමහර විට දායකයන්ට ආක්‍රෝශ ද කෙරෙයි. සමහරවිට ප්‍ර‍තිග්‍රාහකයන්ට ආක්‍රෝශ කෙරෙයි. පීඩා ද කරයි. මේ කදරියය බලවත් පාපයකි. එහි විපාක ඉතා දරුණු ය. ඒ බව උත්තර මාතාවගේ කථාවෙන් දතයුතු ය.

    (සම්බුද්ධ චරිතය )ඇසුරෙන් උපුටා ගැනීමකි.

    උතුම් තෙරුවන් සරණයි ...🙏🌷🙏
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    දැන ගන්න අහන්නේ. දැන් ඔය කෙනෙක් මැරිලා ඊළඟ භවයේ උපදිනවා කියන්නේ එතකොට ඒ ඉපදුන කෙනා පෙර භවයේ කෙනාගේ කවුද? එතන තියෙන සබඳතාව මොකක්ද? ඒ කියන්නේ භවයෙන් භවයට යම් ඒකකයක් නැත්නම් වෙන දෙයක් යනවද?
     
    • Like
    Reactions: Gunther

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    🙏🙏🙏🙏🙏




    ------ Post added on Aug 2, 2023 at 11:59 AM

    සබඳතාව මොකක්ද
    වින්යානය කියලා කියනවා නේද
    සිත කියල හිතෙනවා මට
    පවු පින් ඔක්කොම එක්ක සිත යනවා
    කියලා සරලව මම හිතන් ඉන්නේ
    ------ Post added on Aug 2, 2023 at 12:00 PM
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    836
    113
    දැන ගන්න අහන්නේ. දැන් ඔය කෙනෙක් මැරිලා ඊළඟ භවයේ උපදිනවා කියන්නේ එතකොට ඒ ඉපදුන කෙනා පෙර භවයේ කෙනාගේ කවුද? එතන තියෙන සබඳතාව මොකක්ද? ඒ කියන්නේ භවයෙන් භවයට යම් ඒකකයක් නැත්නම් වෙන දෙයක් යනවද?
    සත්වයාට පන දෙන ක්‍රියාවලි 3 ක් තියෙනවා.

    ශරීරය, සිතුවිලි, මනස

    ඕකෙන් "මනස" කියන ක්‍රියාවලිය කවදාවක් වත් මැරෙන්නේ නැහැ.

    මනසේ සත්වයාගේ ගති සහ මතක සටහන් ඉතිරි වෙනවා

    අලුත් තත්වයට සාපේක්ෂව අලුතෙන් ඥානය සකස් වෙනවා..

    ඉලග උපත සකස් කරන්නේ මැරෙන මොහොතේ මනසේ ඇති කරගෙන තියෙන ගති.

    එයා බොහෝ අවස්තාවල ජිවත් වුනේ තිරිසන් ගති ප්‍රගුණ කරමින් නම් මරණින් පසු තිරිසනෙක් වෙනවා.

    -> සියලු විස්තර
     

    Similar threads