අභිධර්මය කියන එක සවන් දීමෙන් පවා පුදුම ආනිසංස ලැබෙන බව අර්ථකථා වල හැදින්වෙනවා.
කාශ්‍යප බුද්ධ කාලයේ වනගතව ආරණ්‍යක ඉන්න ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සැමදාම රාත්‍රියට අභිධර්ම සජ්ජායනා කරනවා. ඔතන ඉන්නවා වනාන්තරේ දාර පිඹුරෙක්. මේ දාර පිඹුරා මේකට හැමදාම සවන් දෙනවා. හැබැයි ඒ දාර පිඹුර පෙර ජාති ජාතිවල රහත් බෝධිය පිණිස පෙරුම්පුරාගෙන ආපු කෙනෙක් නිසයි ධර්මයට මෙච්චර නැමුනෙ. ඔහුගේ සිතේ මේ ධර්මය පුදුම විදිහට රැදුනා. ඔහුට ධර්මය ගැන අවබෝධය නැහැ. නමුත් මේ ධර්ම කාරණා වචන ඔහුගේ සිතේ ඇඳුනා. ඔහු ඒ කුසල බලයෙන්ම දිව්‍ය ලෝක හයේම බුද්ධාන්තරයක් දෙව් සැප වින්දා.
නැවත අපේ බුදු සසුනෙ ධර්මාශෝක සමයේදි මනුලොව පහලවුනා පාටලීපුත්ර නගරයේ. ඔහුගේ නම ජනසාන. ඒ කාලයේදි බින්දුසාර රජ්ජුරුවො තමයි… ධර්මාශෝක රජ්ජුරුවන්ගෙ පියා. ධර්මාශෝක රජ්ජුරුවන්ගෙ මව්තුමියගේ කුසේ ධර්මාශෝක කුමාරයා පටිසන්ධි ගෙන සිටින කාලෙ, මව්තුමියට දොල දුකක් ඇතිවුනා කියනවා. ඉරයි හඳයි පාගාගෙන, තරුකැට තියෙන අහස් එළියට වෙලා, ගැඩවිල් පණුවන් කන්න. ඉතින් නොයෙක් පඩිවරු බ්රාහ්මණවරු කැඳවලා. මේ දොලදුක විසඳන්න නියම කලා. කිසිකෙනෙකුට තේරුම්ගන්න බැරිවුනා. මේ ජනසාන කැඳෙව්වා. ජනසානට පුලුවන් වුනා. ඔහු සැබවින්ම ඊට සුදුසු මණ්ඩප්පයක් ඇති කළා. විශාල ගෝල දෙකක් ඇතිකලා. ඉරයි හඳයි වෙනුවට. ඒ ලඟ මැද්දෙ ආසනයක් පැනෙව්වා, හොද සනීප ආසනයක්, උඩින් වියන් බැදලා තරු කැට දිලිසෙන ආකාරයට දිලිසෙන දේවල් එල්ලලා හැන්දෑවෙ ඉර බැස යන වෙලාවෙ, දේවීන් වහන්සේ සිවිකාවකින් වඩම්මගෙන ඇවිල්ලා පිරිසක් මැද්දෙ එතුමිය වාඩි කෙරෙව්වා අර ආසනේ. මෙන්න ඉර, මෙන්න හඳ, පාගන්න. මෙන්න අහස් එලිය… මෙන්න තරු එලිය… මෙන්න ගැඩවිල් පනුවන්… කියල යමක් කන්න දුන්නා. මොනවද මේ ගැඩවිල් පණුවන් හැටියට හැදුවෙ…? අද කාලේ ලංකාවෙත් හදනවා උදුපිටි වලින් මේ රවුම් රවුම් හදන මුරුක්කු වාගේ ජාතියක් ඒකට කියනව පැණි වළලු කියල. පැණි වළලු.. ගැටවිල් පනුවා කියල දුන්නා. ඉතින් එතුමියගේ දොලදුක සංසිදුනා…!
ජනසාන අනාගත වාක්‍ය කිව්වා… මේ දේවියගේ කුසේ ඉන්න දරුවා මුලු ජම්බුද්වීපයට අග රජ වෙනවා… ද්වීප චක්‍රවර්තී වෙනවා… අහසෙත් පොලාවෙත් මහ මුහුදෙත් මොහුගේ අණසක පවතිනවා. ඒ වගේම දෙවියොත්, යක්ෂයොත්, වලස්සුත්, පක්ෂීනුත් මේ රජතුමාට සේවය කරන්න පෙළඹෙනවා… ඔය අනාගත වාක්‍ය කියල තිබුනා. පසුකාලෙක ඒ සියල්ල සිද්ධවුනා. ඉතින් මව්පියන්ගෙන් මේ ධර්මාශෝක රජතුමාට ඒ සියල්ල දැනගන්න ලැබිල… මේ ජනසාන සෙව්ව ඔහුට සංග්‍රහ කරන්න. ඔහු ඈත පලාතක ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා හිටියා. පස්සෙ රාජ පුරුෂයො යවල සිවිකාවකින් වඩම්මගෙන ආවා. එනකොට මහාවත්තනී කියන ආරණ්‍ය මැද්දෙන් එන්න තියෙනව. එතෙන්දි මේ ජනසානට ඕන වුනා මේ ආරණ්‍ය බලන්න. ආරණ්‍යට බැහැල ගියා… සිවිකාවෙන් බැහැල. ඇතුල්වෙනකොටම තිබුනෙ මහ අස්සගුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න ආවාසෙ. වටේටම සතුන් ඉන්නවා, බොහෝම ලස්සන සතුන්… අලි, ඇතුන්, සිංහ, ව්යාඝ්ර, මුවන්, ගෝනුන්, හාවන්, මීමුන්නන්… නොයෙක් සතුන් ඉන්නව… සෙල්ලං කරනවා. කිසිම සතෙකුට හිංසාවක් නෑ. පස්සෙ මේ ජනසාන ඇහුවා ස්වාමීන් වහන්සේගෙන්… ස්වාමීනි…! මේ මොන මොන සත්තුද.. මං අදුරන්නෙත් නෑ..?
ඉතින් මේ රහතන් වහන්සේ මොහුගෙ අතීතය බැලුවහම.. අර දාර පිඹුර කාලෙ අහපු අභිධර්ම පද සිහිපත් කරන්න සිති කියා හිටියා… ඇවැත්නි…! ඕව තමයි පංචස්කන්ධ… ඔය දොලොස් ආයතන, ඔය අටලොස් දාතු, ඔය පටිච්චසමුප්පාද ධර්ම කියන කොට… ඔහුට අතීත සංඥා මතුවුනා සිහිවුනා. ඒ වෙලාවෙ පහත්වෙලා කිව්වා අනේ ස්වාමිනී මට දැන් වැටහුනා.. මං යන පාර වැරදියි… මං මහණ කරගන්න.. මට භාවනාවක් දෙන්න…! ඒ වෙලාවෙ මහණ කලා… භාවනාවක් දුන්නා… ගහක් මුලට ගියා.
*එකම ආසනයේදී සව්කෙලෙස් නසා අරිහත්වයට පත්වුනා… ආශ්චර්යයි නේද..? දහම් පදයට අභිධර්ම දහම් පදයට සවන් දුන්නෙ… තිරිසන් සතෙක් වෙලා. නමුත් ඒ හේතුවෙන් ඔහු දිව්‍ය ලෝකයේ බුද්ධාන්තරයෙක් සම්පත් වින්දා… මනුලොව ඇවිල්ලා බොහොම උගත් බහුසෘත දෛවඥයෙක් වුනා… අන්තිමේදී බණ පදයකට සවන් දීල… එකම ආසනේදී අර්හත්වය සාක්ෂාත් කරන්න තරම් ඔහු ඥාන සම්පන්න කෙනෙක් වුනා. එනිසා අභිධර්මය ඉගෙන ගන්නා තැනැත්තා සැබෑම ප්‍රඥාවන්තයෙක් වෙනවා… ගාම්භීර ඥාන සම්පන්න කෙනෙක් වෙනවා. ඒ නිසා අභිධර්ම දේශනාව විපස්සනාවට අතිශයින්ම පාදක වෙනවා, අවශ්‍යම වෙනවා. අභිධර්මය උගෙන ගන්නා අය භවයක් පාසා මහා ප්‍රඥාවන්තයන් බවට පත්වෙනවා.
*