නත්තල් දවසේ හැමෝම කියවිය යුතුම පොතක් මේක.. @dilann

(පසු කවරයේ හැඳින්වීම)
"යමෙක් ඒ (බයිබලයේ) වචනයට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි (බයිබලයෙහි) ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන් ද ශුද්ධ නුවරින් ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක."
(ශුද්ධ වූ යොහාන්, හෙළිදරව්ව 22:18)
බෲනෝ නම් පූජකයා "ඒ වචන වලට" යමක් එකතු කළේය. පාප්තුමාගේ ආඥාවෙන් බෲනෝ පුළුස්සා මරන ලදි. ගැලීලියෝ නම් විද්‍යාඥායා "ඒ වචන වලට" යමක් එකතු කළේය. ඔහුගේ දෑස් අන්ධ කොට සිර කරන ලදි.
ඉතිහාසයේ ප්‍රසිද්ධ ඒ පුද්ගලයන් හැරුණු විට බයිබලයට පටහැණි කරුණු ප්‍රකාශයට පත් කොට මරණ දඬුවම ලැබූ, සිරගත කරනු ලැබූ උගත්තු බොහෝ වෙති.
සැබෑ යේසුස් වහන්සේ කවුරුන්දැයි හෙළිදරව් කරන යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ, බයිබලයෙහි සඳහන් කරුණු විශාල ප්‍රමාණයක් නිෂේධ කරයි. බයිබලයට අලුත් කරුණු රාශියක් එක් කරයි.සැබෑ යේසුස් වහන්සේ හඳුන්වාදීම දඬුවම් ලැබිය යුතු වරදක්ද?.