🎐 මෙවර වෙසක් | දන්සල් වලි 💥🤼

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,419
    113
    පානදුර තොරණ බලලා එද්දී ඒ කිට්ටුවම බත් දන්සලක හෙන වලියක් යනවා දැක්කා. සෙට් එකක් එකෙකුට බිත්තියක හේත්තුකරගෙන අම්බානක නෙලනවා. බේරගන්න කවුරුත් නෑ. තව එකෙකුට දන්සල ඇතුලේ ඉඳලා එලියට විසිවෙන්න ගහලා. ඉඳුල් නාවලා. ඌ නිකන් මළපෙරේතයෙක් වගේ. නාගසළං වෙන්නම කසිප්පු ගහලා වගේ :dull: ගෑණියෙක් අමු කුණුහරුපෙන් බැන බැන ඒකිගේ මිනිහවද කොහෙද පාරදිගේ ඇදගෙන යනවා. ඌත් කන් පාත්වෙන්න බීලා. නොදකින් වෙසක් බැලිල්ලත් එපා උනා :angry:
    ඊට පස්සේ කෙලින්ම කොළඹට ආවා. දෙරණේ සෙට් එක නිදහස් චතුරස්‍රේ පට්ට දන්සලක් දෙනවා. අපි ඒ දන්සල වැන්දා. වැඩේ පිරිසිදුයි, පිළිවෙලයි 🙏. පරිප්පු, සෝයා, අඹ, පපඩම්. බෞද්ධාලෝක මාවත, ගෝල්ෆේස්, ඇස්වාට්ටුව හන්දිය, තොටළඟ තොරණ ඔය ටික ලබාගෙන වාරණ පිරිවෙණ, මාලිගාතැන්න, දඩගමුව, වේයන්ගොඩ, ගම්පහ පැත්තේ රවුමක් ගහලා ගෙදර ආවා. වැස්ස ලොකුම අවුලක් වුණේ නැහැ. කොළඹ trafic එකත් හිතුවට වඩා අඩුයි

    @scurvy ඔහොමද පගෝ දන්සල් දෙන්නේ? :eek:
    ------ Post added on May 24, 2024 at 1:12 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සෙට් එකක් එකෙකුට බිත්තියක හේත්තුකරගෙන අම්බානක නෙලනවා. බේරගන්න කවුරුත් නෑ. තව එකෙකුට දන්සල ඇතුලේ ඉඳලා එලියට විසිවෙන්න ගහලා. ඉඳුල් නාවලා. ඌ නිකන් මළපෙරේතයෙක් වගේ. නාගසළං වෙන්නම කසිප්පු ගහලා වගේ :dull: ගෑණියෙක් අමු කුණුහරුපෙන් බැන බැන ඒකිගේ මිනිහවද කොහෙද පාරදිගේ ඇදගෙන යනවා.
    වෙසක් එකට කොල්ලෝ අපායක් හදල තිබ්බ. උඹ ඔය එක බලල තියෙන්නේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    තේවත්ත නිරාගමික සංගමේ අපිනන් මිත්‍යා මත වල පදනම් වෙලා දෙන ඔය වගේ දන්සල් අනුමත කරන්නෙ නෑ. අනික නියම බුදු දහමේ දන්සල් දෙන්න කියල නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    ඒක නම් අපායක් ම තමයි බන්. පානදුර උන් දන්සල් දෙන්න දන්නේ නෑ
    කොළඹ ළමයින්ගේ වැඩ පිලිවෙලට. ඈත පැතිවල වැඩි හරිය අඩුකුලේ ...........:cool:
    උදාහරණ- හෝමාගම කිරිවත්තුඩුව [ @Solo Rider ගේ ගෙවල් පැත්ත ]
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,419
    113
    තව අර හොල්මන් මන්දිර කියලා පෙන්නපු ඒවා තහනම් කලා නේද?
    ග්‍රෑන්ඩ්පාස් හරියේ අස්සක හොල්මන් මන්දිරය කියලා බෝර්ඩ් ලෑල්ලක් දැක්කා වගේ මතකයි. ඒක එච්චර මීටර් උනේ නෑ
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තව අර හොල්මන් මන්දිර කියලා පෙන්නපු ඒවා තහනම් කලා නේද?
    තජනම් කරාද> එත් මම දැක්ක fb පොස්ට් එකක් හොල්මන් මන්දිරයක් දැල් තිබ්බ,
    කොළඹ ළමයින්ගේ වැඩ පිලිවෙලට. ඈත පැතිවල වැඩි හරිය අඩුකුලේ ...........:cool:
    උදාහරණ- හෝමාගම කිරිවත්තුඩුව [ @Solo Rider ගේ ගෙවල් පැත්ත ]
    ගු හතයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    අපේ පැත්තේ ඉස්සර තියපු හොල්මන් මන්දිරේක.
    පොඩි කෙල්ලෙක්ගේ ත* මිරිකලා .. රිරි යකා දිව්වේ මහසෝනත් පෙරලගෙන
    සෙනග මැද්දේ හෙන ගුටි කෙලි..ඔය මගුල් නොතියන එකමයි හොද

    මම ගිහින් මන්දිරයක් ඇතුලත..මට හෙන කම්මැලි..බලෙන් එන්නේ බය කරන්න..
    මම නෝන්ඩි හිනාවක් දැම්ම නිසා..මුන් මාව පෙරලුවා
    වැටුනේ මිනි පෙට්ටියක් ඇතුලට
    සංස්කෘතිකයි එකගයි ..මම එවලේම හුජ්ජ යන්න බය වුනා

    ඒක ඇතුලේ තව එකෙක් ඉදන් බය සද්ද ඩීජේ කරනවා
    පොඩි පරයා ...වයර් එක කැපුවනම් මුලු මන්දිරේම
    සමත පදං

    තව ගිනි පාගන සීන් එකකදී
    සංගේ නැති පාහරයෙක් ..තඹ කාසියක් පොඩි කරලා . අගුරු ගොඩට දාලා
    මහ කපුවා ගිනි පාගනෙකාට අර මකබාව ඇලිලා
    දොඹන් යන්න බෙරිහන් දිදී දිව්වා..පස්සේ කොල්ලෝ සෙට් එකක් කරලා
    උන් සේරම අතුරුදහන්
     
    Last edited: