'Julie' කියන තමන්ගෙ පෙම්වතිය එක්ක පළවෙනි 'date' එකට යෑමේ බලාපොරොත්තුවෙන් 'Harry' කියන පුද්ගලයා ඇයව එක්කගෙන යන්න ඇය රැකියාව කරන ලොස් ඇන්ජලිස් නගරයෙ තියෙන අවන්හලට රාත්‍රී කාලයේදි පැමිණෙනවා. නමුත් යම්කිසි හේතුවක් නිසා 'Harry' ට අවන්හල ළගට එන්න වෙන්නෙ පැය කීපයක ප්‍රමාදයකින් අනතුරුවයි. මේ නිසා 'Harry' එනකම් බලන් හිටපු 'Julie' නිවස බලා පිටත් වුණු නිසා 'Harry' ඒ අවන්හල ළග තියෙන දුරකථන කුටියෙන් 'Julie' ට දුරකථන ඇමතුමක් දීලා වෙච්ච සිද්ධියට සමාව ඉල්ලලා 'date' එකට යන්න වෙන වෙලාවක් සූදානම් කර ගනිමුය කියලා ඇයට කියනවා. ඇමතුම ලබා ගැනීමෙන් පස්සෙ අවන්හලට ගිහිල්ලා 'Harry' ආහාර ඇනවුම් කරන අතරෙ ඒ අවන්හල තියෙන දුරකථන කුටියට නන්නාදුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් එනවා. දුරකථන ඇමතුම ලබා ගන්න එතන වෙන කවුරුවත් හිටපු නැති නිසා ඒ ඇමතුම ලබා ගන්නෙ 'Harry' විසිනුයි. ඒත් මේ ඇමතුම ලබාගත්ත 'Harry' ට අහන්න ලැබෙන්නෙ අදහාගන්න බැරි ප්‍රවෘත්තියකුයි.
ඒ ඇමතුම ලබා ගත්ත අනෙක් අන්තයේ ඉන්න පුද්ගලයා, ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස් නගරයට තව පැයකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙන බව බොහොම බයෙන් සහ කළබලෙන් ප්‍රකාශ කිරීම නිසයි. මෙන්න මේ සිද්ධියත් එක්ක තමයි 1988 වසරෙදි පළමුවරට තිරගත කරපු "Miracle Mile" චිත්‍රපටියෙ කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ. "Steve De Jarnatt" කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂණයෙන් වගේම තිර රචනයෙනුත් දායක වුණු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පෙව්වෙ "Anthony Edwards" සහ "Mare Winningham" කියන නළු නිළි දෙපළ විසිනුයි. 'Sci-fi, apocalyptic thriller, drama, romance කියන 'genres' වලට අමතරව "Dark comedy' කියන 'genre' එකට අයිති චිත්‍රපටියකින් පෙන්නන ලක්ෂණත් "Miracle mile" තුළින් දැකගන්න පුළුවන්. "Tangerine Dream" කියන සංගීත කණ්ඩායමෙන් කරපු ලස්සන 'soundtrack' එකකුත් මේ චිත්‍රපටියට ඇතුළත් වෙලා තියෙනවා. බලලා නැති අය බලන්න. හොද චිත්‍රපටියක්.

Tangerine Dream - Miracle Mile (Soundtrack)