🎥🎞️ ලෝක සිනමාවේ පෙරළියක් සිදු කළ සුවිශේෂී සිනමා තාක්ෂණික ශිල්ප ක්‍රමය - "Williams process" 🎦🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    තාක්ෂණික වශයෙන් ගත්තම ලෝක සිනමාවෙ සුවිශේෂ පෙරළියක් කරපු සිනමා තාක්ෂණික ශිල්ප ක්‍රමයක් විදිහට "Williams process" එහෙමත් නැත්නම් "Williams double matting process" කියන "matte creation technique" ගනයට අයත් තාක්ෂණික ශිල්ප ක්‍රමය හදුන්වන්න පුළුවන්. ඇමරිකානු ජාතික කැමරා අධ්‍යක්ෂවරයෙක් වුණු "Frank D. Williams" විසින් මුල්වරට හදුන්වා දීපු මේ සිනමා තාක්ෂණික ශිල්ප ක්‍රමයට 1918 වසරෙ ජූලි මාසයේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නත් ඔහු සමත් වෙනවා. වෙන් වෙන්ව රූපගත කරපු දර්ශන තල 2 ක් එකිනෙකට සං‍යුක්ත කරලා එහෙමත් නැත්නම් 'composite' කරලා තනි දර්ශනයක් නිර්මාණය කරන්න තමයි මේ ශිල්ප ක්‍රමය මූලික වශයෙන් යොදාගත්තෙ. විශේෂයෙන් නළු නිළියන්ව යොදාගෙන රූපගත කිරීම් කටයුතු කරන්න අවදානමක් තියෙන පසුතලවලට හෝ වෙනත් හේතු නිසා නළු නිළියන්ව යොදාගෙන රූපගත කරන්න අපහසු පසුතල ඇතුළත් දර්ශන, නළු නිළියන් වෙනමත්, පසුතලය වෙනමත් යන ආකාරයෙන් වෙන් වෙන් වශයෙන් රූපගත කරලා පසුව ඒ දර්ශන තල 2 සං‍යුක්ත කරලා තනි සිනමා දර්ශනයක් හෝ සිනමා ජවනිකාවක් නිර්මාණය කරන්න මේ ක්‍රමය මගින් සිනමාකරුවන්ට අවස්ථාව හිමි වුණා.

    "Williams process" හි නිර්මාතෲ ඇමරිකානු ජාතික කැමරා අධ්‍යක්ෂ "Frank D. Williams"


    k9j1GTcbvT7ssbRbq75Jlpn0ExD.jpg
    image-w856.jpg



    මේ "Williams process" තාක්ෂණික ශිල්ප ක්‍රමය සිනමාපටයක් වෙනුවෙන් පළවෙනි වරට යොදාගත්තෙ 'Universal' ස්ටූඩියෝව මගින් නිෂ්පාදනය කරලා 1922 වසරෙදි තිරගත කිරීම සිදු කරපු "Wild Honey" කියන චිත්‍රපටය සදහායි. මේ චිත්‍රපටයට අමතරව මේ "Williams process" තාක්ෂණික ශිල්ප ක්‍රමය යොදාගත්තු ප්‍රකට චිත්‍රපට විදිහට Ben-Hur: A Tale of the Christ (1925), The Lost World (1925), Sunrise: A Song of Two Humans (1927), King Kong (1933), The Invisible Man (1933) කියන චිත්‍රපටත් විශේෂයෙන් සදහන් කරන්න පුළුවන්. වර්තමානෙදි සිනමාවෙ විතරක් නෙමේ, වීඩියෝ සංස්කරණ කටයුතු වගේම වීඩියෝ දෘෂ්‍ය ප්‍රයෝගවලදිත් නිතර භාවිතා කරන " Green screen compositing / Blue screen compositing" වගේ තාක්ෂණික ශිල්ප ක්‍රමවල ආරම්භයට මුල් අඩිතාලම වැටුණෙත් මේ "Williams process" කියන තාක්ෂණික ශිල්ප ක්‍රමය මගිනුයි.

    "Williams process" ක්‍රමවේදය යොදාගනිමින් රූපගත කළ "Ben-Hur: A Tale of the Christ (1925)" චිත්‍රපටයේ ඇතුළත් රෝමානු මාළිගය කඩා වැටෙන දර්ශනය






    "Williams process" ක්‍රමවේදය යොදාගනිමින් රූපගත කළ "Sunrise: A Song of Two Humans (1927)" චිත්‍රපටයේ ඇතුළත් දර්ශනය





    මේ ක්‍රමයෙදි මුලින්ම සාමාන්‍ය "Film stocks" (Film negatives) යොදාගෙන නළු නිළියන්ව කළු පාට පසුබිමක් (පසු කාලවලදි සුදු සහ නිල් පැහැති පසුබිමුත් මේ සදහා භාවිතා කරලා තියෙනවා) තියෙන පසුතලයක තියලා රූපගත කිරීම සිදු කරනවා. ඒ විදිහට රූපගත කරපු දර්ශනය ඊට පස්සෙ ආයෙ "High contrast' film Stock එකකට පිටපත් කරනවා. මේ විදිහට සකස් කරපු සිනමා පිටපතකට එහෙම නැත්නම් "film negative" (Film Stock) එකක් "Holdout matte" නැත්නම් "Travelling Matte" එකක් (රුපගත දර්ශනයෙදි නළු නිළියන් චලනය වෙනවා නම් මේ නමින් හදුන්වනවා) විදිහටයි හදුන්වන්නෙ. මේ වගේ "Holdout matte" එකක් විදිහට සකස් කරපු "film negatives" වල නළු නිළියන් (පෙරබිම/Foreground) තනි කළු පැහැති ඡායාවක ආකාරයෙනුත්, පසුබිම (Background) තනි සුදු වර්ණයෙනුත් තමයි දිස්වෙන්නෙ.

    ඊට පස්සෙ තනි කළු පෙරබිමක් තියෙන මේ "Holdout matte" එකේ පසුබිම (Background) විනිවිද පෙනෙන එහෙමත් නැත්නම් "T
    ransparent background" එකක් වෙන තුරු විශේෂ සකස් කිරීමේ ක්‍රියාවලියකට භාජනය කරනවා. මේ විදිහට "Holdout matte" එක සකස් කළාට පස්සෙ එය නැවතත් 'Invert' කිරීමකට ලක් කරලා අලුත් පිටපතක් (Film negative / Film Stock) නිර්මාණය කිරීම සිදු කරනවා. මේ පිටපත හදුන්වන්නෙ "Cover matte" එකක් විදිහටයි. මේ "Cover matte" එකේ 'foreground' එක තනි කළු පැහැයෙනුත්, 'background' එක "Transparent background" එකක් විදිහටයි මේ 'invert' කිරීමෙදි සකස් වෙන්නෙ. ඊටපස්සෙ මේ "Holdout matte" එකත්, මුලින් රූපගත කරපු පසුතලයෙ දර්ශණත් නැවත 'raw film stock' එකක් මතට 'overlay' කිරීම සිදු කරනවා. ඊටපස්සෙ රූපගත කරපු පසුතලයෙ දර්ශණ ඉතිරිව තිබියදි මේ 'overlay' කරපු "Holdout matte" එක 'film stock' එකෙන් ඉවත් කරලා ඒ මතට "Cover matte" එක "over exposure" නොවන ආකාරයෙන් 'overlay' කිරීම සිදු කරලා දර්ශන තල 2 ඇතුළත් වුණු "Composite shot" එකේ අවසන් සිනමා පිටපත නිර්මාණය කිරීම අවසානයෙදි සිදු කරනවා.

    .
    C1qnB7xWQAIbokx.jpg


    "Williams process" ක්‍රමවේදයේ පියවර පිළිවෙළින්

    Image credit: drivingfordeco.com


    aa-0.jpg


    aa-1.jpg


    Screenshot-2025-05-06-205931.jpg


    ab-1.jpg


    Screenshot-2025-05-06-210239.jpg


    Screenshot-2025-05-06-210335.jpg


    ab-3.jpg


    ab-4.jpg




    සිනමාවට දෘ‍ෂ්‍ය ප්‍රයෝග හදුන්වලා දෙන්න පුරෝගාමී කර්තව්‍යයක් සිදු කරපු සිනමා දෘෂ්‍ය ප්‍රයෝගවල පියා කියන විරුද්ධාවලියෙන් හදුන්වන "Georges Méliès" ගෙ පටන් (2011 ආපු Hugo කියන චිත්‍රපටිය බලපු අය මෙතුමා ගැන දන්නවා ඇති), "Williams process" එකත් එකේ වැඩි දියුණු කරපු තාක්ෂණික ශිල්ප ක්‍රමයක් වුණු "Dunning process" එකේ ඉදලා වර්තමානෙ භාවිතා කරන " Green screen compositing / Blue screen compositing" දක්වා මේ තාක්ෂණික ශිල්ප ක්‍රම වැඩිදියුණු වුණු ආකාරය ගැන තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නෙ.






    ✍️🎥 ලිපිය සැකසුම: @Stimulus mind 🎞️✍️

     
    Last edited:

    Similar threads