🎥🎬 Ballerina - "Ana de Armas" ප්‍රධාන චරිතය රගදක්වන 'John Wick' Spin-Off ' චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹේ 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    Ana-de-Armas-James-Bond-John-Wick-1.png


    'John Wick' චිත්‍රපටි මාලාවට සබැදිව නිර්මාණය කරන "Ballerina" කියන Spin-Off ' චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වෙන කොට ආරම්භ කරලා තියෙනවා කියලා හොලිවුඩ් පුරයෙන් වාර්තා වෙනවා. "Underworld"චිත්‍රපට මාලාවත්, "Die Hard" චිත්‍රපට මාලාවෙ සිව්වැනි චිත්‍රපයටය විදිහට 2007 වසරෙදි තිරගත වුණු "Live Free or Die Hard" වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු "Len Wiseman" මේ චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක් වෙද්දි , ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය දෙන්නෙ "Ana de Armas" විසිනුයි. තමාගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කළ මිනිමරුවන් පසුපස හඹායන කාන්තාවකගේ චරිතයක් වටා ගෙතී ඇති කතා තේමාවකින් යුක්ත වුණු මේ චිත්‍රපටයේ තිරරචනයෙන් දායක වන්නෙ "Shay Hatten" කියන තිර රචකයායි. දැනට තිරගත වන දිනයක් ප්‍රකාශ කරලා නොමැති මේ චිත්‍රපටියේ "Ana de Armas" විසින් රගන චරිතය, Keanu Reeves රගදක්වන 'John Wick' චරිතය ඇතුලත් 'John Wick' චිත්‍රපටි මාලාවෙ ඉදිරි පරිච්ඡේදවලදි දැකගන්නටත් ඇතැම් විට අවස්ථාව උදා වේවි. "John Wick: Chapter 3 - Parabellum" චිත්‍රපටයෙහි "prequel" චිත්‍රපටයක් ලෙස ද නිර්මාණය වන මේ චිත්‍රපටය ලොව පුරා බෙදා හැරීම සිදු කරනු ලබන්නේ "Lionsgate' ආයතනය මගිනි.


    10749985.jpg
    HPC_FLM_Bond-Premiere_Ana-de-Armas_2_Chopards-Green-Carpet-Collection-%C2%A9Greg-Williams_IMG_4x5.jpg




    ✍️ ලිපිය සැකසුම: Stimulus mind