🎬ෆාදර් (2025) aka Father - ප්‍රවීණ නළු නිළියන් රැසක් - (Biographical/Crime/Drama/Thriller) - TRAILER🎦

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,709
    30,997
    113
    අපායෙ දොරකඩ


    Release Date: TBA

    "අදටත් ජීවතුන් අතර ඉන්න ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගෙ ඇත්ත කතාවක්."






    "70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි ‘Father’ චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නේ."



    🎭නළු නිළි:
    සෞම්‍ය ලියනගේ / දිල්හානි අසෝකමාලා /ජගත් මනුවර්ණ / බිමල් ජයකොඩි / පූජන දන්දෙණිය / ශ්‍යාම් ප්‍රනාන්දු / සරත් කොතලාවල / චාන්දනී සෙනෙවිරත්න / සනත් විමලසිරි / ගාමින්ද ප්‍රියවිරාජ් / සුනෙත් චිත්‍රානන්ද / සුරාජ් මාපා / සරත් කරුණාරත්න / අංජන ප්‍රේමරත්න / සේවියර් කණිෂ්ක / ජනක රණසිංහ / කෝරළගේ සමන් / සංජීව දිසානායක / අමා විජේසේකර / අකලංක ප්‍රභාෂ්වර / ජෙනට් ඇන්තනී / රුවන් මදනායක / පසන් රණවීර / සිසිර තඩිකාර / චමින්ද බටුකොටුව / මනෝජා ප්‍රනාන්දු

    අධ්‍යක්ෂණය : චමින්ද ජයසූරිය
    නිෂ්පාදනය : ශාන්ත ගීතදේව
    කතාව : චාමර කොඩිතුවක්කු






    ⚠️THIS IS ONLY THE TRAILER⚠️

    🚫PLEASE AVOID POSTING LINKS THAT MAY VIOLATE COPYRIGHT LAWS🚫

    (✿◕‿◕✿)


     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    TFS (y)



    ⚠️THIS IS ONLY THE TRAILER⚠️

    🚫PLEASE AVOID POSTING LINKS THAT MAY VIOLATE COPYRIGHT LAWS🚫

    (✿◕‿◕✿)


    Sleepy No Way GIF

    ------ Post added on Oct 18, 2025 at 9:34 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ගම්පහ ඔස්මන් නේද?
    Ow, Osmange tharuna kaale story ekalu tiyenne.

    Oya merunu Ganemulla Sanjeewa 3 parak witara wedi tiyala Osmanwa maranna try karanawa, kohomahari meya berenawa. Oya kehel baddara padmege thaththa meruna kiyanne ohoma wechcha shooting ekaka wistara policiyata dunna nisa kiyala tibune.
    passe Sanjeewage set eka Padmege thaththa maranawa.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    යුක්තිය අවිනිශ්චිය - Father නිශ්චිතය
    -----------------------------------------------------------------

    "අත්තනගල්ල උසාවියේ ඊයේ දවල් මහත් කලබගෑනියක්. වවුල්කැලේ නඩුවේ 1වැනි විත්තිකරු උසාවිය ඇතුලේම වෙඩිතබා මරයි"
    .
    ඒ 1991 නොවැම්බර් 24නි අගහරුවාදා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. 88/89 ඇරඹි රාජ්‍ය ත්‍රස්තවාදය විසින් 1991 පෙබරවාරි 27 දා තරුණ තරුණියන් 12කු එල්ලක්කල වවුල්කැලේදි සහසික ලෙස වද දී පුළුස්සා මරා දැමුවද ඒ අතර සිටි එක් අයකු වු රතු ගාමිණි නැමැත්තා ජීවිතය ගළවාගෙන පැන ගොස් පසුව මේ බිහිසුණු රාජ්‍ය ත්‍රස්තවාදයට සම්බන්ධ වුවන් පිළිබද ලබා දෙන තොරතුරු මත සිදුකරන ලද පරික්ෂණයේදි අත්තඩංගුවට ගත් වීරගුල පොලිස් ස්ථානාධිපති ධම්මික නැමැත්තාට එරෙහිව අත්තනගල්ල උසාවියේදි සිදුකරන ලද උසාවි කටයුත්ත අතර තුරදි එල්ල වන වෙඩි ප්‍රහාරයෙන් ධම්මික සහ මයිකල් ප්‍රනාන්දු නම් වු ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඝාතනයට ලක්වෙයි. මේ සිද්දියෙන් පසු මෙරට ප්‍රධාන ධාරාවේ වීරත්ත්ව ඉතිහාස පොතේ නොලියවුනු විරයකු ලෙසින් ඔස්මන් මැඩොල්සා ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් මෙරට අප්‍රධාන ඉතිහාස කතා තුළ සටහන් වන්නට වීය.

    ඒ ගම්පහ ඔස්මන්ගේ නිශ්චිත ජීවිත කතාව චමින්ද ජයසූරිය විසින් Father ලෙසින් සිනමාවට රැගෙන එන්නේ විනිශ්චය අවිනිශ්චිතය යන තේමාව යටතේය.

    පැය දෙකක ධාවන කාලයකින් යුතු Father චිත්‍රපටය මුළ සිට සිට අග දක්වා වැඩි කාලයක් ධාවනය වන්නේ 1976 සහ 88 - 91 යන අදින් දශක ගණනාවකට එපිටින් තිබු ජන සමාජයීය ලක්ෂණ විද්‍යමාන කරවමිනි. එය පහසු නම් නැත. මක් නිසාද යත් එම යුගය යලි ප්‍රති නිර්මාණය කිරීම යනු ප්‍රධාන නළුවාගේ නිළියගේ ඇදුම් ආයිත්තම් සැකසීමම සහ ප්‍රධාන පසුතලය නිවස බයිසිකලය කාර් එක ආදිය සැකසීම පමණක්ම නොවේ. Father චිත්‍රපටයේ මා තදින් ඇද තබා ගත් මූලිකම ලක්ෂණය මෙයයි. එනම් එහි Production Designe අංශයයි. විශාල අතිරේක රංග ශිල්පීන් යොදාගෙන ඔවුගේද ඇදුම් ආයිත්තම් ඒ යුගයට ගැළපෙන ලෙසින් සකසාගෙන ඒ සුපිරි වැඩක් කරලා තියෙනවා කියා ෆාදර් බලන ඕනෑම කෙනෙක්ට පෙනි යන කරුණකි. Father මාධ්‍ය දර්ශනය එක් වරක් පමණක් නැරඹු මා හට ඒ සුවිශාල ප්‍රයන්තනය අස්සේ බුල කෙලිය තැනක් නම් එක පාරට අහු නොවිණි. මොකද පසු ගිය කාලෙක 13 ශ්‍රී කාර් තිබෙන යුගයේ චිත්‍රපටවල පසුබිමෙන් ඇල්ටෝ බජාජ් බයික් වගේ ඒවාත් අම්බානෙක පෙනුනු නිසාවෙනි. ඒ අතින් ගත් කල Father චිත්‍රපටය Production Designe අතින් නම් පට්ටය.

    ඉන් අනතුරුව මෙහි සංගීතය සහ සංගීත සංයෝජනයද ඉතා අපූර්වත්වයෙන් යුතුව පෙළ ගස්වා තිබුනි. 83 ම්ලේච්ඡ කළු ජූලිය. තැන් තැන් වල හිතුමතේ මිනිස් ජීවිත බිලි ගන්නා මෙරට ඉතිහාසයේ ඒ අදුරු යුගය ප්‍රබලව Father චිත්‍රපටය ඔස්සේ ගළපා තිබේ. රංගනය අතින් ගත් කළද මෙය පූජනගේ සිනමා රංගන දිවියේ කඩයිම් ලක්ෂ්‍යයක් ලෙසින් සැලකුවාට කම් නැතැයි සිතමි.

    Father චිත්‍රපටයට පාදක වන්නෙත් මෙරට ඉතිහාසයේ අදුරු යුගයකි. ඉතා අපහසුවෙන් ජිවිත බෙරාගෙන ජීවත් වෙන්නට වෙර දරන්නා වූ මිනිසුන් සිටි යුගයක් පිළිබදවය. දෛවෝපගතව චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේද රටක් ලෙස අප ස්වභාවික ව්‍යසනයකට ලක්ව මිනිසුන් ලෙස සියල්ල ජයගනිමින් යථා තත්ත්වයකට පත්වන අවධියකය. ව්‍යසනයකින් පසු මිනිසුන් ලෙස ගොඩනැගීමට භෞතික සාධක සේම මානසක සුවය සතුටද ඉතා වැදගත්ය. ඒ සදහ විනොදාස්වාදය අතීශය තීරණාත්මකය. ඒ සදහා අවශ්‍ය සිනෙමා සුවය Father චිත්‍රපටය තුළින් මෙරට ජනතාවට නිශ්චිතවම ලබා දෙනු ඇතැයි යන්න මාගේ විස්වාසයයි.

    ✍️ නිලංක ඇලෙක්සැන්ඩර්
    2025 දෙසැම්බර් 23



     
    • Like
    Reactions: Reincarnator