තාම මේක Officially confirm කරලා නෑ. තාම Rumor එකක් විතරයි. හැබැයි මෑත කාලෙදි ඩිස්නිලා වැඩකටයුතු කරපු විදිහට මේක ඇත්ත වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු!!! 

ඉලාන් මස්ක් අයියා මේ ගැන දක්වපු අදහස.
මේ අතරෙ ඩිස්නි සමාගමේ වැඩි කොටස් හිමිකාරත්වයක් තියෙන වගේම, ඩිස්නි සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉන්න "Nelson Peltz" කියන බිලියනපතියා මේ දවස්වල ලොකු වැඩසටහනක් ගෙනියනවා ඩිස්නි සමාගම වළපල්ලට ගෙනයමින් ඉන්න ඩිස්නි එකේ CEO වෙච්ච "Bob Iger" ව ඩිස්නි සමාගමෙන් අයින් කරලා දාන්න. "Elon Musk" ත් මේ වැඩේට ක්‍රියාකාරීව ලොකු දායකත්වයක් දෙන බව පේනවා තිරය පිටිපස්සෙ ඉදන්. ඒක හොදටම පෙනුනෙ තමන්ගෙ දේශපාලන මතවාද ප්‍රකාශ කරපු නිසා ඩිස්නිලගෙ 'Mandalorian' TV series එකෙන් අයින් කරපු "Gina Carano", ඩිස්නිලට විරුද්ධව නඩු මගට බහින්න තීරණය කරලා තිබීමත්, "Gina Carano" වෙනුවෙන් පෙනී හිටින්න "Elon Musk" ගෙ නීතිඥවරුන් ලබාදීලා තීබීමත් කියන කාරණා මගිනුයි. මේ අස්සෙ "Elon Musk" ඩිස්නි සමාගමේ හිමිකාරත්වය ලබාගන්නත් සූදානම් වෙමින් ඉන්න බව "Elon Musk" විසින් පහුගිය දිනවල ලබාදුන්නු ප්‍රකාශත්, අනෙකුත් ආරංචි මාර්ගවලට අනුවත් ඉගි පළවෙලා තියෙනවා.
"Nelson Peltz" සහ "Elon Musk"
Last edited:
