1946 වර්ෂයේදී තිරගත කරපු, ප්රවීණ චිත්රපට අධ්යක්ෂවරයෙක් වුණු "Frank Capra" විසින් අධ්යක්ෂණය කරන ලද "It's A Wonderful Life" චිත්රපටියෙ ප්රතිෂ්ඨාපන (Restoration) කටයුතු සිදු කරපු ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නෙ. මේ චිත්රපටියෙ "film negative" එකේ මුල් පිටපත (Master copy) භාවිතා කරලා ඒ "film negative" එකට සිදුවෙලා තියෙන හානි ඩිජිටල් තාක්ෂණේ යොදාගෙන පිළිසකර කරලා උසස් වගේම පැහැදිලි රූපරාමුවලින් සමන්විත වුණු 4K විභේදනයෙන් යුක්ත වෙන ඩිජිටල් පිටපතක් බවට පරිවර්තනය කරන ආකාරය මෙහිදී බලාගන්න පුළුවන්. 'Paramount' ස්ටූඩියෝව මැදිහත් වෙලා සිදු කරපු මේ ප්රතිෂ්ඨාපන (Restoration) කටයුතු සම්පූර්ණ කරන්න මාස 6 ක පමණ කාලයක් වැයවෙලා තියෙනවා.
Restoration Trailer
සිනමාපටයේ ප්රධාන චරිත සදහා පණ පෙවූ "James Stewart" සහ "Donna Reed"
I seldom watch colourized versions of old movies.