ස්ටෝරිටෙලින්ග් පැත්ත අවුල් කියන්නෙ මචන් තරමක සාධාරන අදහසක්. ඒක ඩිරෙක්ටෝරියල් ප්රශ්නෙකුත් නෙමේ. හර්බර්ට් ගෙ කතාවල අර ක්ලැසික් ෆැන්ටසි වල තියෙන ඇඩ්වෙන්චරස් ගතිය නෑ. Dune වල මස හැදිල තියෙන්නෙ exposition සහ පොලිටිකල් කාරණා එක්ක කරන world building වල. ඔය කාරණේ අඳුන නොගත්ත කෙනෙක්ට Dune වල පොඩි හිස් ගතියක් පෙනීම ලේසියෙන්ම වෙන්න පුලුවන්. ඇරත් කතාවෙන් බාගයයිනෙ තාම, ක්ලයිමැක්ස් එක තියෙන්නෙ දෙවනි කොටසෙ.
එහෙමයි කියල බලන මිනිස්සුන්ට පොත කියවන්න කියන්න බෑ. ඒක නිදහසට කාරණයක් නෙමේ, එහෙනම් ෆිල්ම් එකක් හදන්න ඕනෙ නෑනෙ.
ඒකයි මම ඒ කාලෙ ඉඳන් කිව්වෙ මේක හිතන තරම් හිට් නොවෙන එක වළක්වන්න බෑ කියල. ඒකට කමක් නෑ, මාස් ඕඩියන්ස් එක තියෙන තැන බලද්දි එහෙම ජනප්රිය නොවීම අර්බුධයක් නෙමේ (ටිකක් snobbish කතාවක් ඒත් අසාධාරණ නෑ මන් හිතන්නෙ).
අනිත් එක Villeneuve ගෙ කාලයක් තිස්සෙ කරමින් ඉන්න ලොකු බජට් චිත්රපටි වලත් මන්දගාමී meditative තැන් හිට් කරන විදිහ. Slow jam එකක ඉන්නෙ. හදිස්සි නෑ. ඒක මරු, මන් මාර ආස දෙයක්, ඒත් ඕඩියන්ස් එක විවිධාකාරයි නෙ. ඉතින් ඒකටයි Dune වල තියෙන esoteric ගතියටයි ඉස්පාසුවක් තියෙන අය ආසාවෙන් බලයි. අනිත් අය නොබලන එක එයාලගෙ අඩුපාඩුවක් නෙමේ. දෙවනි කොටස හදන්න පුලුවන් තරමට බැලුවනම් ඇති.