🎬🧠 මොළය වෙහෙසවන සිනමාපට - "Upstream Color (2013)" 🤯🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    images-original.png


    සිනමාවේ සම්මත ධාරාවෙන් මිදුණු වෙනස්ම ආකාරයක විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් විදිහට 2013 වර්ෂයෙදි තිරගත කෙරුණු "Upstream Color" හදුන්වන්න පුළුවන්. 2004 වසරේ තිරගත කරපු තවත් සුවිශේෂී වගේම, සංකීර්ණ කතා තේමාවකින් යුක්ත වුණු 'Primer' කියන කාල තරණය හා සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය නිර්මාණය කරපු "Shane Carruth" විසින් තමයි මේ "Upstream Color" කියන සිනමාපටයත් නිර්මාණය කරනු ලැබුවේ. තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන්, පසුබිම් සංගීත නිර්මාණයෙන් වගේම සිනමාපටයෙ ප්‍රධාන චරිතයක් සදහා ද ඔහු මෙහිදී දායකත්වය සපයනු ලැබුවා. මේ සිනමාපටය ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන්නෙ "Amy Seimetz" කියන රංගන ශිල්පිණිය විසින් පණ පොවන 'Kris' යන චරිතයත්, "Shane Carruth" විසින් පණ පොවන 'Jeff' කියන චරිතයත් වටායි.

    Film synopsis

    Entangled in the life cycle of an ageless organism, a man and a woman are drawn together. As they struggle to assemble the loose fragments of wrecked lives, identify becomes an illusion.



    1*OAtIOpRlqQM-4laUZkpEhw.png

    4926.jpg







    අනෙක් සිනමාපටවලින් හුගක් බැහැරව ගියපු කථා ආකෘතියකින් යුක්ත වුණු මේ සිනමාපටයෙ කතාව කෙටි දර්ශන කාලවලින් සමන්විත වුණු (Quick cuts / fast cuts) ජවනිකාවලින් යුක්තව ගලා යන විදිහට තමයි සංස්කරණය කරලා තියෙන්නෙ. විශේෂයෙන්ම පසුබිම් සංගීතයත්, සබ්ද සංකලනයත් මේ සිනමාපටයෙ ඇතුලත් කතාවේ ගලායාමට අධ්‍යක්ෂ "Shane Carruth" විසින් සියුම් ලෙස දායක කරගෙන තියෙන විදිහ මේ සිනමාපටයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් විදිහට සදහන් කරන්න පුළුවන්.

    මේ චිත්‍රපටයෙ තියෙන "non-linear" සහ "non-three act structure" ස්වභාවය නිසා කතාව හොදින් අවබෝධ කරගන්න සමහර විට චිත්‍රපටිය කීප සැරයක්ම බලන්න වේවි. :yes: ;)


    චිත්‍රපටිය බලලා තියෙන අයට ඒ ගැන තියෙන අදහසුත් මේ ත්‍රෙඩ් එකේම දාගෙන යමු, ෆිල්ම් එක බලලා නැති අයට කතාව 'spoil' නෙවෙන විදිහට.:)