🎬 නොසැලකිලිමත්කම නිසා ජිමීට සිදු වුණු අකරතැබ්බය - "Two Hands (1999)" 🎥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    BETcOY6.jpg


    'ජිමී' කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ, සිඩ්නි නගරෙ තියෙන 'strip club' එකක 'barker' කෙනෙක් විදිහට වැඩ කරන වයස අවුරුදු 19 ක් වෙන තරුණයෙක්. මේ රැකියාවට අමතරව මෙයා "underground boxing" තරගවලටත් සහභාගි වෙනවා අමතර මුදලක් හොයන අරමුණ ඇතිව. ඔය අතරෙ ජිමීගෙ මියගිය අයියා කලින් සම්බන්ධකම් පවත්වපූ ඒ ප්‍රදේශ ඉන්න අපරාධ නායකයෙක් වෙන 'Pando' දවසක් මෙයාට සල්ලි වගයක් අරන් ගිහිල්ලා බාරදෙන රාජකාරියක් කරන්න පවරනවා. කොහොම නමුත් සල්ලි ටික බාරදෙන්න යන ගමන අරතුරදි ජිමීගෙ නොසැලකිල්ල නිසා වෙන අත්වැරදීමකින් සල්ලි ටික මෙයා අතින් නැතිවෙනවා. මෙන්න මේ සිද්ධියත් එක්ක ජිමීට මුහුණදෙන්න වෙන සිදුවීම් මාලාවක් එක්ක යන අපූරු කතාවක් තමයි 1999 අවුරුද්දෙදි තිරගත කරපු "Two Hands" කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටියෙන් අරන් එන්නෙ.





    jfW86et.jpg


    MV5BZjdlZDg5YmEtYzI1NS00ZGM4LTkxZDAtYTgwMzcwOTVhNzJkXkEyXkFqcGc@._V1_.jpg


    oLkI4YF.jpg



    "Gregor Jordan" කියන ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයෙනුයි, තිර රචනයෙනුයි හැඩ ගැන්විලා නිර්මාණය වුණු මේ චිත්‍රපටියට අපි හැමෝම දන්න කියන නළු-නිළි දෙපළක් වෙන "Heath Ledger" (RIP :() සහ "Rose Byrne" ත්, Bryan Brown, David Field, සහ Susie Porter කියන ප්‍රවීණ නළු නිළි පිරිස ඇතුළුව තවත් නළු නිළියො රාශියකුත් රංගනයෙන් දායක වුණා. "Heath Ledger" ගෙත්, "Rose Byrne" ගෙත් සිනමා දිවියවල්වල ආරම්භකම අවධියෙ හදපු චිත්‍රපටියක් වුණු මේ "Two Hands" ලබාගත්තු ජනප්‍රියතාවෙ නිසා මේ දෙන්නට, විශේෂෙන් "Rose Byrne" ට හොලිවුඩ් සිනමාවෙ දොර විවර වෙන්න හුගක් හේතු වුණා කියලයි කියන්නෙ.

    "Guy Ritchie" ගෙ චිත්‍රපටිවල තියෙන වයිබ් එකට හුගක් ළගින් යන වයිබ් එකක් තියෙන මේ චිත්‍රපටිය ඇතුළෙ crime, comedy, thriller, heist, romance, drama කියන 'genres' වල තියෙන ලක්ෂණවලට අමතරව "supernatural elements" එහෙමත් ටිකක් විතර දැකගන්න පුළුවන්. මේ නිසා "Two Hands (1999)" චිත්‍රපටිය "multi-genre film" එකක් විදිහට හැදින්වුවොත් තමයි හුගක් ම හරි.


    චිත්‍රපටිය බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. 'ෆන්' එකේ බලන්න පුළුවන් හුගක් හොද චිත්‍රපටියක්. :yes: :)


    ✨"Two Hands (1999)" චිත්‍රපටිය ඇමරිකාවෙ 'Sundance' සිනමා උළලෙදි පෙන්නන්න කලින් ඒ වෙනුවෙන් කරපු "promotional campaign" එක යටතේ "Heath Ledger" ‍යි, "Rose Byrne" යි එක්ක "Las Vegas" නගරෙදි කරපු 'photoshoot' එකේදි ගත්ත ෆොටෝස් තමයි මේ. "Rupert Thorpe" කියන කැමරා ශිල්පියා තමයි මේ ෆොටෝස් අරන් තියෙන්නෙ.


    FtovDjm.jpg


    sf26jzy.jpg


    4dE2JFb.jpg


    8Hvs4AH.jpg


    mqnk2Xq.jpg


    1mtAlbP.jpg


    WMwQ7MC.jpg


    9sHfrv4.jpg


    tPnmsXG.jpg


    lMLdzZu.jpg


    AQJvgZS.jpg


    qfUhYQq.jpg


    BAalC0Y.jpg


    DRmfuE2.jpg


    ✍️🎞️ සටහන: @Stimulus mind 🎥✍️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    Tfs

    Me tyepe eke recently aapu ewa monawada?
    ------ Post added on Jan 31, 2026 at 3:17 PM
    අලුතෙන් එන ෆිල්ම්ස් නම් දැන් බැලෙන්නෙම නැති තරම්. අනික ඔය ටයිප් එකේ ෆිල්ම්ස් අතරින් පතර අලුතෙන් ආවත් අර පරණ ෆිල්ම්ස්වල කතාවලයි, කැරැක්ටර්ස්වලයි තිබ්බ කොලිටිය දකින්න ලැබෙන්නෙම නෑ හුගක් වෙලාවට.

    "The Gentlemen (2019)" කියන ෆිල්ම් එක නම් හොදයි පහුගිය අවුරුදු කීපෙ ඇතුළත ආපු ඔය ටයිප් එකේ ෆිල්ම්ස්වලින් ගත්තොත්.

    MV5BMzM2YzE0N2ItOGMzMy00MDdkLThjNTItMmI2YWYzZWMyZjA4XkEyXkFqcGc@._V1_.jpg




    මේක නම් 2004 ආපු එකක්. ඩැනියෙල් ක්‍රේග්ව ජේම්ස් බොන්ඩ්ට තෝරගන්නත් ලොකුවටම හේතු වෙලා තියෙන්නෙ මේ ෆිල්ම් එකේ කරපු රගපෑම.

    Layer Cake (2004)​

    layer-cake-movie-poster.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,376
    113
    අලුතෙන් එන ෆිල්ම්ස් නම් දැන් බැලෙන්නෙම නැති තරම්. අනික ඔය ටයිප් එකේ ෆිල්ම්ස් අතරින් පතර අලුතෙන් ආවත් අර පරණ ෆිල්ම්ස්වල කතාවලයි, කැරැක්ටර්ස්වලයි තිබ්බ කොලිටිය දකින්න ලැබෙන්නෙම නෑ හුගක් වෙලාවට.

    "The Gentlemen (2019)" කියන ෆිල්ම් එක නම් හොදයි පහුගිය අවුරුදු කීපෙ ඇතුළත ආපු ඔය ටයිප් එකේ ෆිල්ම්ස්වලින් ගත්තොත්.

    MV5BMzM2YzE0N2ItOGMzMy00MDdkLThjNTItMmI2YWYzZWMyZjA4XkEyXkFqcGc@._V1_.jpg




    මේක නම් 2004 ආපු එකක්. ඩැනියෙල් ක්‍රේග්ව ජේම්ස් බොන්ඩ්ට තෝරගන්නත් ලොකුවටම හේතු වෙලා තියෙන්නෙ මේ ෆිල්ම් එකේ කරපු රගපෑම.

    Layer Cake (2004)​

    layer-cake-movie-poster.jpg
    Me dekama baluwa ❤️
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    Me dekama baluwa ❤️
    මට මේ ෆිල්ම් එක අමතක වුණා. බලලා තියෙනව ද? මේක නම් හුගක් "crime thriller" පැත්තට තමයි බර. හැබැයි කොමඩි ගතියකුත් ටිකක් විතර තියෙනවා ෆිල්ම් එකේ සමහර සීන්වල. ෆිල්ම් එක නම් හුගක් හොදයි. :yes: පට්ට 'cast' එකකුත් ඉන්නවා.

    No Sudden Move (2021)​

    MV5BODRhMzgyOWMtNzRhNS00YTkwLWJiMDgtYjQzZWQ3MTA3NmUwXkEyXkFqcGc@._V1_.jpg