'ජිමී' කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ, සිඩ්නි නගරෙ තියෙන 'strip club' එකක 'barker' කෙනෙක් විදිහට වැඩ කරන වයස අවුරුදු 19 ක් වෙන තරුණයෙක්. මේ රැකියාවට අමතරව මෙයා "underground boxing" තරගවලටත් සහභාගි වෙනවා අමතර මුදලක් හොයන අරමුණ ඇතිව. ඔය අතරෙ ජිමීගෙ මියගිය අයියා කලින් සම්බන්ධකම් පවත්වපූ ඒ ප්‍රදේශ ඉන්න අපරාධ නායකයෙක් වෙන 'Pando' දවසක් මෙයාට සල්ලි වගයක් අරන් ගිහිල්ලා බාරදෙන රාජකාරියක් කරන්න පවරනවා. කොහොම නමුත් සල්ලි ටික බාරදෙන්න යන ගමන අරතුරදි ජිමීගෙ නොසැලකිල්ල නිසා වෙන අත්වැරදීමකින් සල්ලි ටික මෙයා අතින් නැතිවෙනවා. මෙන්න මේ සිද්ධියත් එක්ක ජිමීට මුහුණදෙන්න වෙන සිදුවීම් මාලාවක් එක්ක යන අපූරු කතාවක් තමයි 1999 අවුරුද්දෙදි තිරගත කරපු "Two Hands" කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටියෙන් අරන් එන්නෙ.
"Gregor Jordan" කියන ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයෙනුයි, තිර රචනයෙනුයි හැඩ ගැන්විලා නිර්මාණය වුණු මේ චිත්‍රපටියට අපි හැමෝම දන්න කියන නළු-නිළි දෙපළක් වෙන "Heath Ledger" (RIP
) සහ "Rose Byrne" ත්, Bryan Brown, David Field, සහ Susie Porter කියන ප්‍රවීණ නළු නිළි පිරිස ඇතුළුව තවත් නළු නිළියො රාශියකුත් රංගනයෙන් දායක වුණා. "Heath Ledger" ගෙත්, "Rose Byrne" ගෙත් සිනමා දිවියවල්වල ආරම්භකම අවධියෙ හදපු චිත්‍රපටියක් වුණු මේ "Two Hands" ලබාගත්තු ජනප්‍රියතාවෙ නිසා මේ දෙන්නට, විශේෂෙන් "Rose Byrne" ට හොලිවුඩ් සිනමාවෙ දොර විවර වෙන්න හුගක් හේතු වුණා කියලයි කියන්නෙ. "Guy Ritchie" ගෙ චිත්‍රපටිවල තියෙන වයිබ් එකට හුගක් ළගින් යන වයිබ් එකක් තියෙන මේ චිත්‍රපටිය ඇතුළෙ crime, comedy, thriller, heist, romance, drama කියන 'genres' වල තියෙන ලක්ෂණවලට අමතරව "supernatural elements" එහෙමත් ටිකක් විතර දැකගන්න පුළුවන්. මේ නිසා "Two Hands (1999)" චිත්‍රපටිය "multi-genre film" එකක් විදිහට හැදින්වුවොත් තමයි හුගක් ම හරි.
චිත්‍රපටිය බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. 'ෆන්' එකේ බලන්න පුළුවන් හුගක් හොද චිත්‍රපටියක්.

"Two Hands (1999)" චිත්‍රපටිය ඇමරිකාවෙ 'Sundance' සිනමා උළලෙදි පෙන්නන්න කලින් ඒ වෙනුවෙන් කරපු "promotional campaign" එක යටතේ "Heath Ledger" යි, "Rose Byrne" යි එක්ක "Las Vegas" නගරෙදි කරපු 'photoshoot' එකේදි ගත්ත ෆොටෝස් තමයි මේ. "Rupert Thorpe" කියන කැමරා ශිල්පියා තමයි මේ ෆොටෝස් අරන් තියෙන්නෙ.
