👎 - එළකිරි එකෙ ඉන්න ඉන්ටනෙට් සල්ලි කාරයො | දොස්තරලා 🖕

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    යාලුවනේ ඉන්ටනෙට් එකෙන් බැලුවා කියල ඔයාල දොස්තර මහත්තුරු වෙන්නෙ නැ. තරහා වෙන්න එපා එහෙම කිව්වට.

    මං නූලෙ දාල තියෙන්නෙ බොන බෙහෙත් ලැයිස්තුව. ප්‍රිස්ක්‍රිප්ශන් දැම්මට ඔයාලට කියවගන්න බැහැ දොස්තර කෙනෙක් නෙවේනෙ. ඒවගෙ පොත් වල වගෙ පිළිවෙලට ලියල නැහැ.

    ඉස්සර ප්‍රයිවට් බේත් ගද්දී නං ප්‍රින්ට් කරපු ප්‍රිස්ක්‍රිප්ශන් එකක් ක්ලිනික් පොතෙ අලවල දෙන්නෙ.

    ප්‍රිස්ක්‍රිප්ශන් සහ රිපෝට් ඉල්ලපු අයගෙන් අයගෙන් දොස්තර ID එක ඉල්ලපුවම රෙජිස්ටර් අංකය සේවා කරන ඉස්පිරිතාලය ගැන ඇහුවම මීක් නැ.

    දොස්තර කෙනෙක් නොවන කෙනෙක්ට මං මොකටද මගෙ බෙහෙත් තුණ්ඩු යවන්නෙ?

    ඉන්ටනෙට් එකෙන් බලලා දොස්තර කං කරන්න මටත් පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් බලලා බෙහෙත් කරන්න පුළුවන් නං චැනල් සෙන්ටර් වැහිල යන්න එපැයි. දොස්තරලගෙ රස්සා අහිමි වෙන්න එපැයි.

    මම බෙහෙත් වල කාඩ් එක පිටි පස්සෙ තියෙන නම් ටික බලලා දැම්මේ කලිං නූලෙ.

    ඊයෙ අතපසු වෙලා රු.5000ක් පිං කැටේට වැටුණු එකටත් මං බොරු කියනවලු.

    මං බොරු කියන්නෙ මොකටද?

    මං නූල් වල සල්ලි ඉල්ලල තියෙනවද? බේත් ගන්න කන්න බොන්න උදවූ උපකාර කරන්න කියල ඉල්ලල තියේද?

    ඉල්ලුවත් දෙන්න සත පහක් අතේ තියෙන අය ඉන්නවද මේකෙ? කටින් බතල සල්ලි කාරයො විතරයි ඉන්නෙ.

    මං කාගෙවත් අනුකම්පාව රස්සා ඉල්ලත් නැහැ නූල් වල. මගෙ අත පය හොඳට වැඩ ඒ නිසා මට දවසකට 3000 - 3 500ක් හොයා ගන්න පුළුවන්. හැමදාම වැඩ නැති වුණත්.

    මං අත පල්ලෙන් වැටිච්ච පුද්ගලයෙක් නෙවේ අමාරු කම් තිබ්බත්.

    ඒ නිසා ඔයාලගෙ පණ්ඩිත කම් උද්දච්ච කම් වෛද්‍යකම් මිලියනපති කම් ඔයාලම තියා ගන්න. පිං සිද්ධ වෙයි. 👍
     
    • Sad
    Reactions: 6h057