👨‍⚕️⚕️👨‍💻 අග්න්‍යාශයික පිළිකාවක් හටගැනීමට වසර 3 කට පෙරාතුව, ඒ පිළිබදව පුරෝකථනය කළ හැකි කෘතිම බුද්ධි ආකෘතිය (AI Model) 👨‍💻⚕️👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,138
    113

    CW-1367276787-pancreatic-cancer-pain.jpg

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

    මෙහිදී වෛද්‍ය පර්යේෂ්කයන් විසින් රෝගීන් මිලියන 9 කගේ සායනික වාර්ථාවන්, "deep learning" ඇල්ගොරිතම භාවිතා කරන විවිධ කෘතිම බුද්ධි තාක්ෂණික පද්ධතිවලට (Artificial intelligence - AI) ඇතුළත් කිරීමෙන් පසුව එම රෝගීන්ට පවතින රෝගයන්ගේ ඉතිහාසය පිළිබදව සායනික වාර්ථාවන්ගේ සදහන්ව පවතින සුවිශේෂ කේතයන්ගේ අනුපිළිවෙළ (sequence of disease codes in clinical histories) හදුනාගැනීමට හැකියාව පවතින යන්ත්‍ර ඉගෙනුම් ආකෘති (machine learning models) පුහුණු කිරීම මෙහිදී සිදුකොට තිබෙනවා. එමගින් මාස 36 කට පෙර එනම්, අග්න්‍යාශයික පිළිකාවක් (pancreatic cancer) ඇතිවීමට වසර තුනකට පෙර ඒ පිළිබදව පුරෝකතනය කිරීමට මෙම කෘතිම බුද්ධි පද්ධතියට හැකියාව ලැබී තිබෙනවා. මෙම යන්ත්‍ර ඉගෙනුම් ආකෘති (machine learning models) පුහුණු කිරීම සදහා ඇතුළත් කළ සායනික දත්ත වාර්ථාවන් මිලියන 9 අතරට ඩෙන්මාර්කයෙන් ලබාගත් විවිධ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් මිලියන 6 කගේ සායනික වාර්ථා දත්ත (අග්න්‍යාශයික පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් 24 000 කගේ සායනික වාර්ථා දත්ත ද මෙයට ඇතුළත්ව වේ) සහ ඇමරිකාවේ වෙසෙන විවිධ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් මිලියන 3 කගේ සායනික වාර්ථා දත්තයන් ද (අග්න්‍යාශයික පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් 3 900 කගේ සායනික වාර්ථා දත්ත ද මෙයට ඇතුළත්ව වේ)

    👨‍⚕️ 'Nature' සඟරාවෙහි පළවූ මූලාශ ලිපිය 👨‍⚕️

    A deep learning algorithm to predict risk of pancreatic cancer from disease trajectories

    👨‍⚕️ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයීය වෙබ් අඩවියෙහි පළවූ ලිපිය👨‍⚕️

    AI Predicts Future Pancreatic Cancer

    සායනික වාර්ථා දත්තයන් එක්‍ රැස් ආකාරයත් එම දත්තයන් ඇතුළත් කොට යන්ත්‍ර ඉගෙනුම් ආකෘති පුහුණු කළ ආකාරයත් පෙන්නුම් කරන රූප සටහන්

    41591_2023_2332_Fig1_HTML.png

    41591_2023_2332_Fig2_HTML.png

    41591_2023_2332_Fig3_HTML.png

    41591_2023_2332_Fig4_HTML.png

    41591_2023_2332_Fig5_HTML.png

    අග්න්‍යාෂයික පිළිකාවෙහි වර්ධන අවධියන්

    Fedorovsky_PDAC_FINAL-scaled-e1624645918444.jpg

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙහෙ ඕක හොයන්නම අමාරු කැන්සර් එකක්ලු නෙහ්

    තලවතුගොඩ, මම කලින් හිටපු තැන ලෑන් ලෝඩ් මැරුනෙ මේ කැන්සර් එකෙන්.
    එක පාරට කන්න බැරි උනා, කෑම පිරියක් නෑ කිය කිය උන්න. පස්සෙ බලද්දි මේක හැදිල

    මාර දුකයි, මට හම්බෙච්ච හොදම ලෑන් ලෝඩ් පොර තමයි.

    කිසිම වැරද්දක් කරල නෑ, කාර් එක තෙමෙනව අපරාදෙ කියල පොරගෙ ඉස්තෝප්පුව දුන්න එතන දාගන්න කියල.
    කරන්ට් බිල මගෙන් ගත්තෙ 700. බිල කොච්චර උනත් ඉට වඩ ගත්තෙ නෑ. ඇතුලෙ මොකක් හරි කැඩුනොත් අලාබෙ ගත්තෙ නෑ අපි දෙන්න හැදුවත්.
    පොරම වියදම් කරල හදනව. වහිනකොට මම බයික් එක එලිය දල තිබ්බොත් , මම යන්න කලින් පොර ස්තොප්පුවට දානව.
    මට කිව්ව හදිස්‍යක් ෞනොත් කියන්න කී මනි ආපහු දෙන්නන් කියල.

    මිස්ට කියල කතා කරන්නෙ මට, වයස 65ක් වගෙ, හවස මම එලියෙ හිටියොත් අනිවා තේ බොන්න එන්න කියල ඉන්වයිට් කරනව.
    ඉරිද මොනා හරි කෑමක් හැදුවොත් අපිට කොටහක් එවනව.

    2021 මුල වගෙ මැරුනෙ. අපිත් ඉතින් ෆුල් බොක්කෙන් හිටිය පොර මැරුනම වයිෆ්ට/ පුතාට එහෙම.
    හෝමගමට එන දවසෙ ඒයාගෙ වයිෆ් ඇඩුව.

    නෑයෙක් වත් එහෙම සලකපු එවුන් නෑ.
    පව්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340

    අැයි බං අැමරිකාවෙත් ඵහෙම තමා..අච්චර සල්ලි තිබ්බ ලෝක ප්‍රසිද්ධ ස්ටීව් ජොබ්ස් මැරුණේ ඔය අග්න්‍යාශයික පිළිකාවෙන් නේ.

    article-2031100-0D9CAFDC00000578-143_308x185.jpg

    https://pancan.org/news/today-marks-10-years-since-steve-jobs-death/#:~:text=Pancreatic neuroendocrine tumors (or PNETs,pancreatic cancer is only 10%.
     
    • Sad
    Reactions: Stimulus mind