ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති.
‘dostarlimab’ යන නාමයෙන් හැඳින්වෙන් පර්යේෂණ මට්ටමේ මෙම නව ඔසුව මේ වනවිට සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
සායනික අත්හදා බැලීම් සඳහා ‘dostarlimab’ ඔසුවට අනුමැතිය ලැබුණේ මීට මාස කීපයකට පෙරය. ඉන්පසු, නිව්යෝක් නුවර ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන් 18 දෙනකුට ඔවුන්ගේ කැමැත්ත අනුව, ‘dostarlimab’ ඔසුව ලබා දීම සිදුවිය.
මාස 6 ක කාලයක් ‘dostarlimab' ඔසුව භාවිතයට ගැනීමෙන් පසු එම රෝගීන් 18 දෙනාගේ ගුද මාර්ගය ආශ්රිත පිළිකා තත්ත්වය සම්පූර්ණයෙන් ‘අතුරුදන්’ වී ඇතැයි ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.
‘ඇත්තටම මෙවැනි තත්ත්වයක් පිළිකා රෝගීන්ගෙන් දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන්ට මෙම පුවත අස්වැසිල්ලක් වනු නොඅනුමානයි’ යැයි වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් පැහැදිලි කර තිබේ.
lankadeepa.lk ඇසුරෙනි
වැඩිදුර තොරතුරු:
Experimental rectal cancer drug caused all patients' tumors to disappear in small trial
Every Single Patient in This Small Experimental Drug Trial Saw Their Cancer Disappear

