මේ ගෑණු ළමයා "Gastroparesis' කියන දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයෙනුත්, "Ehlers-Danlos syndromes" තවත් දුර්ලභ ගණයේ ජානගත රෝගී තත්ත්වයෙනුත් පෙළෙන කෙනෙක්. "Gastroparesis' කියන මේ දුර්ලභ රෝගී තත්ත්වයෙන් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය අක්‍රමවත් කිරීම හෝ අඩපණ කිරීම කරන අතරම "Ehlers-Danlos syndromes" ජානගත රෝගී තත්ත්වයෙන් ශරීරයේ පවතින සම්බන්ධක පටක දුර්වල කිරීම ද සිදු කරනවා. මේ රෝග තත්ත්වයන් 2 නිසා මෙයාට දිනපතාම ආහාර ගන්න සිදුවෙලා තියෙන්නෙ පපුවේ සිට අකු ඇටය (collarbone) හරහා හෘදයට සම්බන්ධ කරපු විශේෂ ටියුබයක් හරහායි. එහිදී එම ආහාරවල අඩංගු වෙච්ච පෝෂක ද්‍රව්‍ය කෙළිනම රුධිරයට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට ආහාර ලබාගන්න කලින් ටියුබය සැකසීම සහ එය ශරීරයට සම්බන්ධ කරන සෑම අවස්ථාවලදී ඉහළම සනීපාරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කරීම සිදු කළ යුතු වෙන්නේ, එසේ නොකලොත් මේ ටියුබය තුළට විෂබීජ ඇතුළු වීමේ අවදානමක් පැවතීම නිසායි.
"Gastroparesis' යනු?
"Ehlers-Danlos Syndromes" යනු?
ඒ වුණාට ඉඩක් ලැබෙන වෙලාවට ඒ සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයනවා මං. එහෙම හොයාත්ත තොරතුරුවලින් වැදගත් කියලා හිතෙන දෙයක් තිබ්බොත් ලියලා කිරියෙ දානවා අනිත් අයට දැනගන්නත් එක්ක. 

