👨‍🚀🚀🌎 අභ්‍යවකාශයෙහි නිදහසේ පියාසරන ගගනගාමියා 🌎🚀👨‍🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113

    TNTCr38.jpg

    දිනය : 2023 මැයි 14


    අභ්‍යවකාශයේ නිදහසේ පියාසැරීමට ඔබ කැමති ද? චැලේන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සිට මීටර් 100 ක් පමණ ඔබ්බට ගමන් කරමින් මෙලෙස අභ්‍යවකාශයේ පියාසරමින් සිටින්නේ "Bruce McCandless II" නම් ගගනගාමියායි. මින්පෙර කිසිදු ගගනගාමියෙකු අභ්‍යවකාශයෙහි පියාසරා නොතිබූ දුරකට මෙලෙස ගමන් කිරීමට "Bruce McCandless II" විසින් යොදාගනු ලැබුවේ "Manned Maneuvering Unit (MMU)" නම් වූ ඔහුගේ අභ්‍යවකාශ ඇදුමෙහි පිටුපසින් පවතින විශාල ප්‍රවාලන ඒකකය මගිනි.

    1984 වර්ෂයේදී නාසා ආයතනය මගින් දියත් කළ '41-B' නම් වූ අභ්‍යවකාශ ෂටල මෙහෙයුම අතරතුර "Bruce McCandless II" අමතරව ඔහුගේ නාසා ගගනගාමී සගයා වූ "Robert Stewart" විසින් අභ්‍යවකාශයේ සිදුකළ මෙම අපූරු අභ්‍යවකාශ ඇවිදීමට (Space walk) සහභාගී විය. මෙම " Manned Maneuvering Unit (MMU)" නම් ඒකකය ක්‍රියාත්මක වීමේදී එමගින් නයිට්‍රජන් වායු ප්‍රවාහයන් පිට කරන අතර මුලදී චන්ද්‍රිකා දියත් කිරීම සදහා මෙම උපාංගය භාවිතා කරන ලදී. කිලෝග්‍රෑම් 140 ක පමණ බරකින් යුක්ත වූ "Manned Maneuvering Unit (MMU)" නම් වූ මෙම ඒකකය පෘථිවිය මතදී බරින් වැඩි වුවද, අභ්‍යවකාශයේදී අනෙක් සියලුම වස්තූන් සේම බර රහිත ස්වභාවයක් ගනී. මෙම "Manned Maneuvering Unit (MMU)" නම් වූ ඒකකය පසු කලකදී වඩාත් ආරක්ෂිත වූ ප්‍රවාලන ඒකකයක් හදුන්වා දීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ.



    Image Credit: NASA, STS-41B

    freeflyer_nasa_3000.jpg

    Bruce McCandless II


    Space Shuttle Challenger

    Space Shuttle Challenger disaster







    Manned Maneuvering Unit (MMU)

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    TFS. මේ වගේ වචන වලත් English word එක දාන්න සගෝ. සමහරවිට ඒ වචනෙ මේකට වඩා තේරෙයි:D
    සිංහලෙන් "ප්‍රවාලන ඒකකය" කියලා කියන්නේ "propulsion unit" කියලා අපි ඉංග්‍රීසියෙන් කියන වචනෙට. :)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සිංහලෙන් "ප්‍රවාලන ඒකකය" කියලා කියන්නේ "propulsion unit" කියලා අපි ඉංග්‍රීසියෙන් කියන වචනෙට. :)
    Jet Propulsion unit, California...... ඕඔක හෙනට මතකයි..
     

    Similar threads