🚀🌎 නාසා'හි ෂටල යානාවන් අභ්‍යවකාශය වෙතට රැගෙන යන "Solid Rocket Boosters (SRBs)" 🌎🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    gIsM5JG.jpg


    නාසා'හි අභ්‍යවකාශ ෂටල යනාවන් (space shuttle) අභ්‍යවකාශය වෙත රැගෙන යාම සදහා අවශ්‍ය මූලික ප්‍රවාලන කාර්යය (primary propulsion) ඉටු කරනු ලබන, නැවත භාවිතා කළ හැකි "solid-propellant rocket" ගණයට අයත් "Space Shuttle Solid Rocket Booster (SRB)" නම් වූ රොකට් බූස්ටර ද්විත්වය ෂටල යානාව අභ්‍යවකාශ ගත කළ මොහොතේ පටන් ඒවා නැවතත් පෘථිවිය මතට (සාගරයට) නිරුපද්‍රිතව ගොඩබැසීම දක්වා වූ කාලසීමාව තුළ සිදුවන ක්‍රියාදාමය පහත දැක්වෙන අපූරු වීඩියෝවෙන් නිරූපණය කෙරේ. "Star Wars" චිත්‍රපට මාලාවෙහි නිර්මාතෘවරයා වන සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ "ජෝර්ජ් ලූකස්" මහතා විසින් ආරම්භ කළ සිනමා ශබ්ද ප්‍රයෝග, ශබ්ද සංස්කරණය සහ ශබ්ද පරිපාලනය පිළිබද නිර්මාණ ආයතනයක් වන "Skywalker Sound" ආයතනය මගින් මෙම වීඩියෝවෙහි ශබ්ද සංස්කරණ හා පරිපාලන කටයුතු සදහා තම දායකත්වය ලබා දී තිබේ.






    v4p109.jpg



     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඔක ඉතින් අහස් කූරක් පත්තු කරා වගේ තමා. හදිස්සියකට නවත්තන්න, වේගෙ අඩු වැඩි කරන්න මුකුත් බෑ liquid engine එකක වගේ. Challenger එකට කෙල උනෙත් ඔකක අවුලක් නිසා.
    NASA එක ඔවා පාවිච්චි කරන්නේ ඔක ලාබ වගේම USA වල මිසයිල් contractor ලාව space project වලට ගාවගන්න ඔනේ නිසා. SpaceX & Russian ඔවා පාවිච්චි කරන්නෙ නෑ safety & re-usability නැති නිසා.