💖🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 14 (Valentine's Day Special - Heart Nebula) 🌌🔭🌎💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    "IC 1805" (Sharpless 2-190) යනු "Cassiopeia" තාරකා රාශියේ පිහිටා තිබෙන "විමෝචන නිහාරිකා" (emission nebula) ගනයට අයත් වන නිහාරිකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7500 ක් දුරින් පිහිටා ඇති මෙම නිහාරිකාවේ සුවිශේෂත්වය වනුයේ එහි හැඩය මිනිස් හදවතක ස්වරූපයට සමාන වීමයි. මේ හේතුවෙන් මෙම නිහරිකාව "Heart Nebula" යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වනු ලබයි. මෙම නිහාරිකාවේ දීප්තිමත් ම කලාපය "NGC 896" නම් විශේෂ නාමයකින් හදුන්වන අතර එය නිහාරිකාවේ ප්‍රථමයෙන් ම ගවේශණය කර සොයාගත් කොටස ද වේ. මෙම නිහාරිකාව නිර්මාණය සදහා අයනීකෘත හයිඩ්‍රජන්, අයනීකෘත ඔක්සිජන් හා සල්ෆර් වායූන් මූලික වී තිබෙන අතර නිහාරිකාවෙන් දිස්වන දීප්තිමත් නිල් හා තැඹිලි පැහැයන් සදහා මෙම වායූන් හේතු වී තිබේ. නිහාරිකාවේ වර්ණවත් රතු පැහැති දීප්තියට, නිහාරිකාවේ මධ්‍යයට ආසන්නයෙන් පිහිටා ඇති විවෘත්ත තරු පොකුරකින් නිකුත්වන විකිරණයන් (radiation) හේතු වී ඇත.මෙම තරු පොකුර "Collinder 26" (Melotte 15) යන නාමයන්ගෙන් හදුන්වන අතර එහි අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 50 ගුණයකට පමණ වැඩි ස්කන්ධයකින් යුතු දීප්තිමත් තාරකාවන් කීපයකින් හා තවත් දීප්තියෙන් අඩු කුඩා තාරකාවන් ගණනාවක් ද පිහිටා තිබේ. මෙම අපූරු "IC 1805"(Heart Nebula) ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ ජර්මන්/ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල් (Frederick William Herschel) විසිනි, ඒ 1787 වසරේ නොවැම්බර් මස 03 වන දින ය.

    HeartB_Jensen_3925.jpg




    Heart Nebula - Love in Space

     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බ්ලොග් එකක් කරපන් මචන්. එතකොට පොඩි එකෙකුට හරි කියන්න පුළුවන් බලන්න කියල. එලකිරිය පොඩි උන්ට පෙන්නන්න බැනේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බ්ලොග් එකක් කරපන් මචන්. එතකොට පොඩි එකෙකුට හරි කියන්න පුළුවන් බලන්න කියල. එලකිරිය පොඩි උන්ට පෙන්නන්න බැනේ
    මං YT චැනල් එකක් කරනවා සහෝ. මේ ගැන දවස ගාණෙ වීඩියෝ හදලා දාන්න අදහසකුත් තියනවා. එළකිරියේ astronomy ගැන කැමැත්තක් තියෙන අයට බලාගන්න මං මේ ලිපි ලියන්නේ තොරතුරු හොයාගෙන. ඔයාගෙ අදහසට බොහොම ස්තූතියි සහෝ. :) (y)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මං YT චැනල් එකක් කරනවා සහෝ. මේ ගැන දවස ගාණෙ වීඩියෝ හදලා දාන්න අදහසකුත් තියනවා. එළකිරියේ astronomy ගැන කැමැත්තක් තියෙන අයට බලාගන්න මං මේ ලිපි ලියන්නේ තොරතුරු හොයාගෙන. ඔයාගෙ අදහසට බොහොම ස්තූතියි සහෝ. :) (y)
    අඩේ කරපං... අපි දෙඤ්ඤං පුල් සපෝට් එක.... :yes: :yes: :yes:
     

    Similar threads