Shevaune Conry හා David Conry යනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ අඹු සැමියන් යුවලක්. අවාසනාවන්ත අයුරින් Shevaune Conry ගේ වයස අවුරුදු 33 ක් වනවිට ඇයව Multiple sclerosis නම් සුවකළ නොහැකි ස්නායුගත රෝගයට ගොදුරු වෙනවා. ඒ වන විට Shevaune Conry හා David Conry විවාහ වීමට සූදානමින් සිටියේ. Shevaune Conry හට මෙම රෝගය වැළදී ඇති බව දැන දැනත් David Conry විසින් ඇයව විවාහ කරගන්නේ ඇගේ රෝගය නිසා ඩේවිඩ්ගේ ජීවිතය අදුරු වේවියැ'යි සිතා ඇය සමග තිබූ සබදතාව අතහැරදමන ලෙස Shevaune Conry විසින් කළ ඉල්ලීම් ද පසෙකලාය. මෙම රෝගය නිසා Shevaune Conry හට ඇතිවූ ශාරීරික ආබාධිත තත්ත්වය දිනෙන් දිනම උග්‍ර වීම හේතුවෙන් ඇයට දවසේ පැය 24 මුළුල්ලේම අනෙකුගේ ආධාරයක් නොමැතිව කටයුතු කිරීම අපහසු වුණා. එහෙයින් ඇයව රැකබලා ගැනීමට ඩේවිඩ්ගේ කාර්‍යබහුලත්වය නිසා අපහසු වූ හෙයින් ඩේවිඩ් විසින් මෙවැනි රෝගයන් හේතුවෙන් ශාරීරික දුබලතා වලට ලක්වූ පුද්ගලයන් පුනුරුත්තාපනය කරන මෙන්ම ඔවුන්ව රැකබලා ගැනීම සිදුකරන ස්ථාන ඕස්ට්‍රේලියාවෙහි තිබේ දැයි සොයා බැලුවා.
නමුත් එවැනි ස්ථානයන් සියල්ල තිබුණේ වයස්ගත පුද්ගලයන්ට පමණක් වූ බැවින් අවසානයේ ඩේවිඩ්ට සිදුවූයේ ඇයව එවැනි ස්ථානයක් කරා රැගෙන යාමටයි. නමුත් ඩේවිඩ් හට තම ආදරණීය බිරියගෙන් ඈත්වී සිටීමට හිත් නොදුන් නිසාත්, තම තරුණ බිරිද පමණක් වයස්ගත පුද්ගලයන්ට රැකවරණය ලබන ස්ථානයක සිටිනු දැකීමට තිබූ අකමැත්ත හේතුවෙනුත්, මෙවැනි රෝගාබාධ වලින් පීඩා විදින තම බිරිද වැනි තරුණ පුද්ගලයින් වෙනුවෙන් වෙන්වුණු පුනුරුත්ථාපන හා රැකබලා ගැනීමේ ආයතනයක් ආරම්භ කිරීමට අධිෂ්ඨාන කරගන්නවා. ඒ අනුව යමින් 2005 වසරේදී 'Youngcare' නම් ආයතනය (non-for-profit organisation) ආරම්භ කිරීමට හැකිවන අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 15 - 65 ත් අතර වයස් කාණ්ඩයට අයත් විවිධ රෝගාබාධයන් හේතුවෙන් ශාරීරික දුබලතා හා ආබාධිත තත්ත්වයන්ට පත්වූ පුද්ගලයන්ව පුනුරුත්ථාපනය හා රැකබලාගැනීම සදහා පහසුකම් සලසීම මෙම ආයතනයේ මූලික අරමුණ වී තිබෙනවා.

මෙහි පළකර තිබෙන වීඩියෝව කලකට ඉහතදී පටිගත කළ එකක් වන අතර ආවාසනාවට Shevaune Conry මේ වන විට ජීවතුන් අතර නොමැති අතර තම බිරිදගේ අභාවයෙන් පසුව David Conry, Youngcare ආයතනයේ දැරූ සභාපති තනතුරින් මේ වන විට ඉවත්ව තිබෙනවා. මේ Shevaune Conry හා David Conry පිළිබද කථාවයි.
අපේ රටෙත් මේ වගේම තමන්ගේ සහකරු වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම මීටත් වඩා කැප කරපු උතුම් බිරින්දෑවරින්, සැමියන් බොහෝමයක් ඇති. මේ ලිපිය එවැනි උතුම් පුදගලයින්ටත් උපහාරයක්ම වේවා! යැයි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.

ලිපිය සැකසුම: Stimulus mind විසින්
Youngcare Australia
Last edited: