කුලියාපිටියේ වොල්ක්ස්වැගන් එකේ ඔයා වැඩකරන අතරතුරේ මටත් හම්බුනා රැකියා දස ලක්ෂයෙන් එකක්.....නොහිතපු විදියට ඒ රැකියාවට උස හරස් උනා...මට ලැබුනේ කම්කරු..... එත් ඔයා උදේ ඉඳන් රෑ වෙනකම් අලුත් වොල්ක්ස්වැගන් කාර් හදල මහන්සි වෙනවා දකිද්දී මට ඕනි උනා අපේ ආර්ථිකේට ශක්තියක් වෙන්න.ඒ අපි දෙන්නට රජයෙන් නොමිලේ දීපු පුංචි ගෙට ලොකු ණය වාරිකයක් දාන්න තියන නිසා...මම ගෑස් පෝලිමේ ඉන්නකොට අපි වගේම යුවලක් අලුත් ආදර කතාවක් පටන්ගත්ත..... පුංචි කාර් එකේ ආපු ඒ තරුණය පයට පෑගෙන දුවිල්ලටත් වඩා නිහතමානී විදියට ලොකු ගෑස් සිලින්ඩරේ කරේ තියාගෙන අර තරුණියගේ පොඩි ගෑස් සිලින්ඩරේ අතින් අරගෙන ඉන්න කොට මට මතක් උනේ ඔයවමයි. හැමදාම රෑට ඔයා මාව සතුටින්ද කියල බලන්න පුංචි කාර් එකෙන් ඩිජිටල් උද්‍යානෙ වටෙන් අපු හැටි මට මතක් උනා....කොච්චර තෙහෙට්ටු උනත් මට ඔයාගේ මුණ දැක්කම ලොකු ජවයක් එනවා...MCC නිසා ඔයා උතුරු ලංකාවේ හිටියත් ෆ්‍රී WiFi නිසා තවමත් අපේ ආදරේ සදා ලෝක පුජිතයි !!!
![]()
අනේ රත්තරනේ, ඔයා වැඩ කරන වෙලාවට සරල වෙන්න කියලා හිතාගෙන යටට අඳින්නෙ නැතුව එහෙම ඉන්න එපා. එක එක උඩවල් වල ඉඳලා යාළුවන්ගෙ කරට අත්දෙක තියලා බිමට පනින්න එපා, මොකද අපිට ඉස්සරහට දරු පැටියෙක් ඕන...



