💥☢️ යුධමය අවස්ථාවකදී ප්‍රායෝගිකව භාවිතා කළ හැකි න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සදහා දියත් කළ "Operation Buster-Jangle"හි 5 වන පිපිරුම - Buster Easy 🔥☢️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    2560px-Buster-Jangle_Easy_002.jpg



    ✍️💥☢️ ලිපිය සැකසුම: @Stimulus mind ☢️💥✍️


    1951 වසරේදී, ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවත් (United States Department of Defense) සහ "Los Alamos" ජාතික විද්‍යාගාරයත් (Los Alamos National Laboratories) ඒකාබද්ධව පවත්වනු ලැබූ "Operation Buster-Jangle" න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහනෙහි 5 වැනි අත්හදා බැලීම වන "Buster Easy" නම් න්‍යෂ්ටික පිපිරුමෙහි ලබාගත් වීඩියෝ මාලාවක් පහතින් දක්වා තිබෙනවා. "Operation Buster-Jangle" හී'දී සිදුකළ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 7 අතුරින් වැඩිම පිපිරුම් ශක්තියක් (Blast yield) නිකුත් කළ න්‍යෂ්ටික පිපිරුම "Buster Easy" වූ අතර එය TNT කිලෝටොන් 31 ක අගයක් ගනු ලැබුවා. 1951 වසරේ නොවැම්බර් මස 05 වන දින ග්‍රිනිච් වේලාවෙන් සවස 06: 30 ට ඇමරිකා එක්සත් ජනපදයට අයත් "North American B-45 Tornado" ගණයේ බෝම්බ හෙළන ගුවන් යානාවක් මගින් මීටර 1280 ක උසක සිට හෙළනු ලැබූ "TX-7E" නම් "Mk-7" (Mark 7 "Thor") වර්ගයේ න්‍යෂ්ටික බෝම්බය (tactical fission bomb) පොළව මට්ටමේ සිට මීටර 400 ක් ඉහළදී පුපුරවා හරිනු ලැබුවා. න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සදහා ඇමරිකා එක්සත් ජනපදය විසින් යොදාගත් නෙවාඩා කාන්තාරයට අයත් ප්‍රදේශයේදී (Nevada Test Site) සිදුකළ "Operation Buster-Jangle" නම් මෙම න්‍යෂ්ටික අවි අත් හදා බැලීම් මාලාව සිදු කරනු ලැබුවේ යුධමය තත්ත්වයකදී ප්‍රායෝගිකව භාවිතා කළ හැකි "උපායමාර්ගික න්‍යෂ්ටික අවි" (Tactical Nuclear Weapon (TNW) / Non-Strategic Nuclear Weapon - NSNW) යොදාගත හැකි ආකාරය පිළිබදව අධ්‍යයනය කිරීම සදහායි.










    "Buster Easy"හී' දී යොදාගත් "Mk-7" පරමාණු බෝම්බය

    1280px-Mark_7_nuclear_bomb_at_USAF_Museum.jpg



    රාත්තල් 1800 ක බරකින් සහ අඟල් 30 විෂ්කම්භයකින් යුක්ත වූ මෙම "Mk-7" ගණයේ පරමාණු බෝම්බය, ජපානයේ නාගසාකි නගරයට හෙළූ "Fat man" පරමාණු බෝම්බයෙහි බර වූ රාත්තල් 10 000 ක සහ අඟල් 60 ක විෂ්කම්භයට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගත්ත ද "Fat man" ට වඩා ඉහළ පිපිරුම් ශක්තියක් නිකුත් කිරීමේ හැකියාවකින් යුක්ත වුණා. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙවැනි "Mk-7" ගණයට අයත් පරමාණු බෝම්බ 3,050 ත් 3,150 ත් අතර ප්‍රමාණයක් නිපදවා ඇති අතර ඒවායේ පිපිරුම් ශක්තියන් TNT කිලෝටොන් 8 සිට 61 දක්වා අතර වූ පරාසයන් (TNT kt 8, 19, 22, 30, 31, 61) ගනු ලබනවා.




    "Operation Buster-Jangle" පිළිබදව සකස් කළ වාර්තා වැඩසටහන



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    කසාදයක් කරගන්නේ නැතුව ඔහේ නිකං ඉද්දිත් ඕම වෙනවා :P
    ලෝක යුද්ධෙකුත් ළඟ ළගම එන එකේ ගෙදර යුද්ධෙකුත් පටලවා ගන්නෙ මොකද ආයෙ. "Nuclear test ban treaty" (wedding version) එකට අත්සන් තියලා පඩුවෙ ඉන්නවා මං නම්. 😌
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    thanks for sharing

    මුන් මෙව්ව තාම ආසනල් එකෙ තියන් ඉන්නවද :eek:
    දැන් එක්ස්පයර් වෙලා ඇති
    නෑ පිටකොටුවෙ රටින් ගේන චොකලට් පැකින් කරන තැනට දීල එක්ස්පයර් ඩේට් එක වෙනස් කරල තියෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113

    "Buster Jangle: Buster Easy"න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම නිරූපණය කෙරෙන තවත් වීඩියෝවක්

     
    • Like
    Reactions: Jiro

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ලංකාවට budget එකෙන් දාල අඩුම ගානෙ offensive නැතත් defensive වලට දාන්න ඕනි අඩුම ගාන iron dome එකක් වත් 😴
     
    • Haha
    Reactions: Stimulus mind

    Similar threads