
1951 වසරේදී, ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවත් (United States Department of Defense) සහ "Los Alamos" ජාතික විද්‍යාගාරයත් (Los Alamos National Laboratories) ඒකාබද්ධව පවත්වනු ලැබූ "Operation Buster-Jangle" න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහනෙහි 5 වැනි අත්හදා බැලීම වන "Buster Easy" නම් න්‍යෂ්ටික පිපිරුමෙහි ලබාගත් වීඩියෝ මාලාවක් පහතින් දක්වා තිබෙනවා. "Operation Buster-Jangle" හී'දී සිදුකළ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 7 අතුරින් වැඩිම පිපිරුම් ශක්තියක් (Blast yield) නිකුත් කළ න්‍යෂ්ටික පිපිරුම "Buster Easy" වූ අතර එය TNT කිලෝටොන් 31 ක අගයක් ගනු ලැබුවා. 1951 වසරේ නොවැම්බර් මස 05 වන දින ග්‍රිනිච් වේලාවෙන් සවස 06: 30 ට ඇමරිකා එක්සත් ජනපදයට අයත් "North American B-45 Tornado" ගණයේ බෝම්බ හෙළන ගුවන් යානාවක් මගින් මීටර 1280 ක උසක සිට හෙළනු ලැබූ "TX-7E" නම් "Mk-7" (Mark 7 "Thor") වර්ගයේ න්‍යෂ්ටික බෝම්බය (tactical fission bomb) පොළව මට්ටමේ සිට මීටර 400 ක් ඉහළදී පුපුරවා හරිනු ලැබුවා. න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සදහා ඇමරිකා එක්සත් ජනපදය විසින් යොදාගත් නෙවාඩා කාන්තාරයට අයත් ප්‍රදේශයේදී (Nevada Test Site) සිදුකළ "Operation Buster-Jangle" නම් මෙම න්‍යෂ්ටික අවි අත් හදා බැලීම් මාලාව සිදු කරනු ලැබුවේ යුධමය තත්ත්වයකදී ප්‍රායෝගිකව භාවිතා කළ හැකි "උපායමාර්ගික න්‍යෂ්ටික අවි" (Tactical Nuclear Weapon (TNW) / Non-Strategic Nuclear Weapon - NSNW) යොදාගත හැකි ආකාරය පිළිබදව අධ්‍යයනය කිරීම සදහායි.
"Buster Easy"හී' දී යොදාගත් "Mk-7" පරමාණු බෝම්බය

රාත්තල් 1800 ක බරකින් සහ අඟල් 30 විෂ්කම්භයකින් යුක්ත වූ මෙම "Mk-7" ගණයේ පරමාණු බෝම්බය, ජපානයේ නාගසාකි නගරයට හෙළූ "Fat man" පරමාණු බෝම්බයෙහි බර වූ රාත්තල් 10 000 ක සහ අඟල් 60 ක විෂ්කම්භයට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගත්ත ද "Fat man" ට වඩා ඉහළ පිපිරුම් ශක්තියක් නිකුත් කිරීමේ හැකියාවකින් යුක්ත වුණා. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙවැනි "Mk-7" ගණයට අයත් පරමාණු බෝම්බ 3,050 ත් 3,150 ත් අතර ප්‍රමාණයක් නිපදවා ඇති අතර ඒවායේ පිපිරුම් ශක්තියන් TNT කිලෝටොන් 8 සිට 61 දක්වා අතර වූ පරාසයන් (TNT kt 8, 19, 22, 30, 31, 61) ගනු ලබනවා.
"Operation Buster-Jangle" පිළිබදව සකස් කළ වාර්තා වැඩසටහන