💥⚔️🌌 මන්දාකිණි යුද්ධය: "Messier 81" සර්පිල මන්දාකිණිය සහ "Messier 82' අක්‍රමවත් මන්දාකිණිය 🌌⚔️💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    XIEOueT.jpg



    දිනය: 2023 ජනවාරි 20

    පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපිත ආකාශ වස්තු අතරින් කැපී පෙනෙන ලෙස දිස්වන්නේ අපූරු මන්දාකිණි ද්විත්වයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 12 ක් පමණ දුරකින්, "Ursa Major (The Great Bear)" නම් තාරකා රාශියට අයත්ව, එකිනෙකට ආසන්නයෙන් පිහිටා තිබෙන මෙම මන්දාකිණි ද්විත්වය අතරින් එක් මන්දාකිණියක් වන්නේ "Messier 82' (NGC 3034, M82 යන නාමයන්ගෙන් ද හදුන්වයි) නම් "starburst galaxy/ irregular galaxy" ගනයට අයත් වූ මන්දාකිණියයි. පෘථිවියෙහි සිට නිරීක්ශනය කරන විට සිගරට්ටුවක හැඩයට සමාන අයුරින් දිස්වන බැවින් "Cigar Galaxy" යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වන, ආලෝක වර්ෂ 40 800 ක විෂ්කම්භයකින් යුක්ත වූ මෙම මන්දාකිණිය මෙම ඡායාරූපයෙහි වම්පසින් දැක්වෙන මන්දාකිණිය මගින් නිරූපණය වේ.

    ඡායාරූපයෙහි දකුණු පසින් දිස්වන්නේ "Messier 81" (M81, NGC 3031 හා Bode's Galaxy යන නාමයන්ගෙන් ද හදුන්වයි) නමින් හදුන්වන, ආලෝක වර්ෂ 100 000 ක් විෂ්කම්භයකින් යුක්ත වූ සර්පිල මන්දාකිණියයි (grand design spiral galaxy). මෙම මන්දාකිණි ද්විත්වයෙහි පවතින එකිනෙකට ආසන්න වූ පිහිටීම් හේතුවෙන් ඒවායේ පවතින ගුරුත්වයන් කාලාන්තරයක සිට එකිනෙකට ගැටෙමින් පවතී. මෙවැනි සංසිද්ධියකදී එම මන්දාකිණිවල පවතින ගුරුත්වයන් මගින් හටගන්නා ප්‍රතික්‍රියාවන් හේතුවෙන් එම මන්දාකිණියන්ගේ පවතින ව්‍යුහාත්මක සැකැස්මට නිරන්තරයෙන් බලපෑම් ඇති කරයි.

    වසර මිලියන 100 ක පමණ කාලයක සිට "Messier 81" සහ "Messier 82' යන මෙම මන්දාකිණි ද්විත්වයෙහි ගුරුත්වයන් අතර සිදුවන සටන හේතුවෙන් හටගත් ඝනත්ව තරංගයන් (density waves) රැළි ආකාරයෙන් "Messier 81" මන්දාකිණිය වටා ගමන් කිරීම,"Messier 81" මන්දාකිණියෙහි පවතින සර්පිල බාහූන්ගේ පවතින විශිෂ්ඨ සැකැස්ම සදහා හේතු වී තිබේ. අනෙක් පසින් ඇති "Messier 82' මන්දාකිණිය තුළ මේ ක්‍රියාවලිය හේතුවෙන් ඉතා කැළඹිලි සහගත වූ නව තාරකාවන් උපැද්දවීම් සිදු කරන ප්‍රදේශයන් (star forming regions) හා බලවත් X - කිරණ ප්‍රවාහයන් නිකුත් කරන ඝට්ටනය වෙමින් පවතින වායු වළාවන් ද නිර්මාණය වී තිබේ.එළඹෙන වසර බිලියන කීපයේදී මෙම මන්දාකිණි ද්විත්වය අතර සිදුවන ගුරුත්ව සටන මන්දාකිණි ඒකාබද්ධ වීමක් (Galaxy merger) දක්වා පරිවර්තනය වී අවසානයේ ඒකීය වූ තනි මන්දාකිණියක් බවට පත් වීම සිදුවනු ඇත.

    මෙම මන්දාකිණි ද්විත්වයට අමතරව "M81' අන්තර්ක්‍රියාකාරී මන්දාකිණි සමූහයට (M81 galaxy group) අයත් ඡායාරූපයෙහි පහළින්, "Messier 82' මන්දාකිණියෙහි දකුණු දෙසට වන්නටව දිස්වන "NGC 3077" නම් කුඩා ඉලිප්සාකාර මන්දාකිණිය (disrupted elliptical galaxy) මෙන්ම ඡායාරූපයෙහි වම්පස ඉහළ කෙළවරට වන්නටව දිස්වන "NGC 2976" නම් වූ සුවිශේෂී වාමන මන්දාකිණිය (peculiar dwarf galaxy) ද මෙම මන්දාකිණි ඒකාබද්ධය සදහා සහභාගී වේ. අඳුරු හා පැහැදිලි රාත්‍රී අහසක් පැවති දිනයකදී ඕස්ට්‍රියාවේ පිහිටි ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ සිට හසුකරගත් මෙම අපූරු මන්දාකිණි යුද්ධය දැක්වෙන පුළුල් ක්ෂේත්‍ර ඡායාරූපය තුළින් මෙම මන්දාකිණියන්ට අමතරව, ඒකාබද්ධ ප්‍රවාහ නිහාරිකාවක් (integrated flux nebulae), හා ක්ෂීරපථය මන්දාකිණියෙහි තලයට ඉහළින් පිහිටි සූර්යාලෝකය පරාවර්ථනය කරන අන්තර්තාරකා දූවිලි වළාවන් ද දිස්වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය.


    Image Credit & Copyright: Andreas Aufschnaiter

    AUFSCHNAITER_Andreas_APOD_Bode_Cigare2048.jpg





    Messier 81 (M81) and Messier 81 (M82)

    M81 galaxy group

    M82 (Irregular Galaxy)

    HUBBLE SPIES HUGE CLUSTERS OF STARS FORMED BY ANCIENT ENCOUNTER