💥⚛️🌌 විශ්වයෙහි පවතින රසායනික මූලද්‍රව්‍යයන් සහ ඒවායේ ප්‍රභවයන් 🌌⚛️💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    XIEOueT.jpg



    දිනය: 2023 ජනවාරි 08

    ඔබගේ සිරුර සමන්විතව පවතින හයිඩ්‍රජන් (hydrogen) මූලද්‍රව්‍යය මෙන්ම ජලය නිර්මාණය කිරීමට දායක වූ හයිඩ්‍රජන් අණු සියල්ලක්ම හටගැණුනේ "මහා පිපුරුම" හෙවත් "The Big Bang" නමින් හදුන්වන විශ්වයේ උපත සිදුවීමට මුල් වූ සුවිශේෂ සංසිද්ධියත් සමගය. එසේ සලකන්නේ එම මූලද්‍රව්‍යයන් හා පදාර්ථයන් හටගැනීමට මුල් වූ වෙනත් ප්‍රභවයන් විශ්වය තුළ මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇති බැවිනි. ඔබගේ සිරුර සමන්විතව ඇති කාබන්වල (carbon) හා ඔක්සිජන්වල (oxygen) උපත සිදු වූයේ විශ්වයේ පවතින තාරකාවන්ගේ අභ්‍යන්තරයෙහි සිදුවන න්‍යෂ්ටික විලයන (nuclear fusion) ක්‍රියාවලිය මගිනි.

    එමෙන්ම ඔබගේ සිරුර නිර්මාණය වීමට දායක වූ යකඩ (iron) නම් වූ රසායනික මූලද්‍රව්‍යයේ උපත සිදුවූයේ ද විශ්වයේ මූලාරම්භයේදී පැවති තාරකාවන්ගේ සිදුවූ දැවැන්ත සුපර්නෝවා (supernovas) පිපිරීම් මගිනි. ඔබගේ සිරුරේ පළදින ආභරණයන් තනා ඇති රත්‍රන් (gold) නිර්මාණය කරනු ලැබුවේ නියුට්‍රෝන තාරකාවන් අතර සිදුවූ ගැටීම් අතරතුරදී හටගත් ගැමා කිරණ පිපිරීම් (gamma-ray bursts) හා ගුරුත්වාකර්ෂණ තරංගයන් (gravitational wave events) මගිනි. මීට අමතරව පොස්පරස් (phosphorus) හා තඹ (කොපර් - copper) යන මූලද්‍රව්‍යයන් අපගේ සිරුර තුළ ස්වල්ප වශයෙන් අඩංගුව තිබුණ ද එම මූලද්‍රව්‍යයන් පෘථිවියෙහි ජීවත්වන සියලුම ජීවීන්ගේ ක්‍රියාකාරීතවයට අත්‍යාවශ්‍යම වන අංගයන් ලෙස සලකනු ලබයි.

    පහත දක්වා ඇති වර්ණ කේතික ආවර්තිතා වගුවෙන් (periodic table - color coded) නිරූපණය කොට ඇත්තේ මෙතෙක් සොයාගෙන ඇති සාක්ෂි අනුව, එක් එක් මූලද්‍රව්‍යය හා ඒවායේ ප්‍රභවය නැතහොත් උපත සිදුවීමට මුල්වූ සංසිද්ධීන් හා ක්‍රියාවලීන් අනුව වර්ගීකරණය කොට ඇති අයුරුය. කෙසේ වෙතත් තඹ (කොපර් - copper) මූලද්‍රව්‍යයයේ ප්‍රභවය සිදුවූ ආකාරය පිළිබදව විද්‍යා ලෝකයෙහි එකිනෙකට පරස්පර වූ මත පවතින හෙයින් එහි ප්‍රභවය සිදුවූ අයුරු හෙළි කරන නිවැරදි තතු සෙවීම සදහා නිරීක්ශනයන් මෙන්ම සංඛ්‍යාත්මක පර්යේෂණයන් ද (computational researches) තවදුරටත් සිදුකරනු ලබයි.


    Image Credit & License: Wikipedia: Cmglee; Data: Jennifer Johnson (OSU)

    Nucleosynthesis2_WikipediaCmglee_2000.jpg





    Periodic Table







     
    Last edited:

    Similar threads