💥💥💥 අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- අනුර

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූයේ ජාතිවාදය සහ අන්තවාදය බවත්, ශ්‍රී ලංකාව තුළ නැවත ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස (28) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමිනි.

    ආර්ථික අර්බුදයක් හෝ රට තුළ ආරක්ෂාව නැති බවට චිත්‍රයක් මවා හෝ මහජන කැලඹීමක් ඇති කර හෝ ආණ්ඩුව බිඳ දැමීමේ විපක්ෂයේ සිහිනයට කිසිදා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    වත්මන් රජය අශිෂ්ටත්වයේ යුගය අවසන් කර, ශිෂ්ටත්වයේ මාර්ගය සකස් කර ඇති බවත්, හැකි නම් වත්මන් රජයේ ශිෂ්ටත්වය අබිබවා යන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයට අභියෝග කළේය.

    එසේ නොමැතිව පැරණි දේශපාලනයේ සිටීමෙන් දේශපාලන ෆොසිල බවට පත්වීම වැළැක්විය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    යටිබිම්ගත අපරාධ රාජ්‍යයේ අපරාධ කල්ලිවලට වත්මන් ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් ආශිර්වාදයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

    ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය වෘත්තීමය භාවයක් ඇති හමුදාවක් සහ පොලීසියක් බවට පත් කරන බව පැවසු ජනාධිපතිවරයා ආරක්ෂක අංශයේ කිසිදු පත්වීමක් හෝ ස්ථාන මාරුවක් හිතවත්කම් මත හෝ දේශපාලනිකව සිදු කර නොමැති බවද සඳහන් කළේය.

    හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු හතක් ලබා දී ඇති බවත්, හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමග අලුත් ගමනක් යා නොහැකි බැවින් නව පත්වීම් සිදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

    පුද්ගලයාට පක්ෂපාතී හමුදාවක් වෙනුවට රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් නිර්මාණය කිරීමටත් එම හමුදාවේ වෘත්තිමයභාවය වැඩිදියුණු කිරීමටත් වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    කාලයේ වැලිතලාවෙන් යට වී තිබෙන අපරාධවලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත්, ඒ සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

    ආරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යුහයේ විශ්වාසය මත ශිෂ්ටත්වය ගොඩනැගෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා අශිෂ්ටත්වයේ පතුලටම ගොස් තිබෙන මෙම රාජ්‍ය නැවත ශිෂ්ටත්වය කරා ගෙන යාමට වත්මන් රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

    ආර්ථික අර්බුදයක් ඇති කර බලය ලබා ගැනීමේ විපක්ෂයේ සිහිනය මේ වන විට අවසන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් මවා පාමින් ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂය දැන් යම් උත්සාහයක සිටින්නේද යන්න සැක සහිත බවද සදහන් කළේය .

    මෙම මාසයේදී සිදු වූ අපරාධ පහ පිළිබඳ විමර්ශනය කරන විට එය අපරාධ කල්ලි පහකින් සිදුව තිබෙන බවත් පරීක්ෂණ සිදු වන විට තම දිශාවට පරීක්ෂණ යොමු වන බව අපරාධකරුවන් හඳුනා ගන්නා බවත්, එම අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මකවීම කුමන්ත්‍රණයක්දැයි සැකයක් පවතින බවත් ජනාධිපතිවරයා හෙළි කළේය.

    මෙම කුමන්ත්‍රණ හඳුනා ගනිමින් ඒවා මර්දනයට රජය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

    කුමන්ත්‍රණවලින් ආණ්ඩු බලය හුවමාරු කළ යුගය අවසන් බවත්, ශිෂ්ටත්වය මතින් ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය අපරාධ කල්ලිවලින් වියුක්ත කරන සමාජයක් ගොඩනගන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ආරක්ෂක අංශවලට විදේශ පුහුණුව සඳහා ලබා දෙන දීමනා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

    ගුවන් හමුදාවට හා නාවික හමුදාවට අවශ්‍ය යානා මිලදී ගැනීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවට පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නව බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කර ඇති බවත් ගුවන් හමුදාවට සහ පොලිසියට 10,000 බැගින් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    -LCN-
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කරන්න කියල තමයි අපිත් කියන්නේ,කියෝ කියෝ ඉඳල වැඩක් නෑ.ආරක්ෂක අංශ වලට දේශපාලන බුද්ධිය නෑ.උන්ට විතරක් බලේ දීල කට උඩ බලාගෙන හිටියොත් මග පෙන්වීමක් නැතුව රට කාල තමයි නවතින්නේ.දේශපාලන මැදිහත් වීම අතයවශ්‍යයි.හැබැයි දැනගෙන ඉන්නත් ඕනේ කරන්නේ කොහොමද කියල. r ප්‍රේමදාස ,ජේ ආර් ට බැරි උන වැඩේ කලේ දැන්නං හිටපු නිසා.හැමෝටම කෙලවුණු වැඩේ මහින්ද කලේ කරන විදිය දැනන් හිටි නිසා.රනිලුත් යමක් කළා.නැහැ කියන්න බැ. විජේ වීර අසාර්ථක උනේ කරන විදිය නොදැන කල නිසා.දැන් වාරේ අනුරගේ.කරන විදිය දන්නවා නං කරලා පෙන්නන්න.එච්චරයි ඕනා
     
    • Like
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කරන්න කියල තමයි අපිත් කියන්නේ,කියෝ කියෝ ඉඳල වැඩක් නෑ.ආරක්ෂක අංශ වලට දේශපාලන බුද්ධිය නෑ.උන්ට විතරක් බලේ දීල කට උඩ බලාගෙන හිටියොත් මග පෙන්වීමක් නැතුව රට කාල තමයි නවතින්නේ.දේශපාලන මැදිහත් වීම අතයවශ්‍යයි.හැබැයි දැනගෙන ඉන්නත් ඕනේ කරන්නේ කොහොමද කියල. r ප්‍රේමදාස ,ජේ ආර් ට බැරි උන වැඩේ කලේ දැන්නං හිටපු නිසා.හැමෝටම කෙලවුණු වැඩේ මහින්ද කලේ කරන විදිය දැනන් හිටි නිසා.රනිලුත් යමක් කළා.නැහැ කියන්න බැ. විජේ වීර අසාර්ථක උනේ කරන විදිය නොදැන කල නිසා.දැන් වාරේ අනුරගේ.කරන විදිය දන්නවා නං කරලා පෙන්නන්න.එච්චරයි ඕනා
    :yes:
     
    • Like
    Reactions: lankalk