ණය ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නිසා කලකිරීමට පත්වූ ගණුදෙනුකරුවෙකු විසින් සිය ණය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බැංකුවට ගිනි තබා ඇති බව වාර්තා වනවා.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, හවේරි දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙලෙස සිය ණය ඉල්ලුම්පත බැංකුවට ඉදිරිපත් කෙරුණද එය බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ සිදුවීමෙන් උරණ වූ අදාළ පුද්ගලයා විසින් මෙලෙස බැංකු ශාඛාවට ගිනි තබා තිබෙන බවයි ඉන්දීය වාර්තා කර සිටියේ. මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව චෝදනා 03ක් යටතේ නඩු ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
Source: nethnews.lk
වැඩිදුර තොරතුරු:
Karnataka: Denied loan, man sets bank on fire

