💰 ආපදා සහන දීමනා වැඩි කරයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ආපදා සහන සේවා සහ හදිසි ප්‍රතිචාර වෙනුවෙන් 2025 අනුමත අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 550 ක අතිරේක ප්‍රතිපාදන දැනටමත් සලසා තිබේ. එමෙන්ම, ආපදාවට පත් ජනතාවට වියළි ආහාර සඳහා පවුලක සාමාජිකයින් ගණන මත පදනම්ව සතියකට මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1,800 සිට රුපියල් 3,600 දක්වා වූ මුදල, රුපියල් 2,100 සිට රුපියල් 10,500 දක්වා වැඩි කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ.

    නව ක්‍රමවේදය යටතේ සාමාජිකයන් දෙදෙනකු සිටින පවුලකට රුපියල් 4,200ක් ද, තිදෙනකු සිටින පවුලකට රුපියල් 6,300ක් සහ හතර දෙනකු සිටින පවුලකට රුපියල් 8,400ක් ද හිමිවනු ඇත. මීට පෙර සාමාජිකයන් පස් දෙනකු සිටින පවුලක් සඳහා ලබා දුන් රුපියල් 3,600ක මුදල රුපියල් 10,500 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබීම විශේෂත්වයකි.
     
    Last edited:
    • Like
    Reactions: wpril5

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    10,500 ද දෙන්නෙ එක පවුලකට?

    එන්න කලින් මුන් කිව්වෙ ඩොලර් 500 ගාන එකතුකරනවා කියලා රට ඉන්න උන්ගෙන්. දැන් ඉල්ලගෙන බෙදන්න පුළුවන්නෙ මුන්ට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    10,500 ද දෙන්නෙ එක පවුලකට?

    එන්න කලින් මුන් කිව්වෙ ඩොලර් 500 ගාන එකතුකරනවා කියලා රට ඉන්න උන්ගෙන්. දැන් ඉල්ලගෙන බෙදන්න පුළුවන්නෙ මුන්ට

    සතියකට 10500ක් මදිද ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    නෑ ඔය මුදල් වෙන් කරල තියෙනව කියන්නෙ..
    උඹනෙ දැන් ඇහුවෙ 10500ද දෙන්නෙ එක පවුලට කියල 😂
    දිගටම දෙන්නෑ හරකො

    දහදාස් පන්සීය දීලා උන් අතපිහද ගන්නවා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට​

    ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබේ.
    මුදල් අමාත්‍යාංශය එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසීය.
    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,
    "ආපදා තත්ත්වය නිසා විපතට පත්වෙලා තියෙන ජනතාවට අවශ්‍ය කරන සහනය කඩිනමින් සලස්වාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කරලා තිබුණා. අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඒ අනුව මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවට කඩිනමින් තම තමන්ගේ නිවාස වෙත ගිහිල්ලා අවශ්‍ය කරන පිළිසකර කිරීමේ කාර්ය හැකි විදිහට ආරම්භ කරවා ගැනීම සඳහා මුලින් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදල වෙනුවට රුපියල් 25,000ක් මුදලක් දෙන්න මුදල් අමාත්‍යාංශය විසින් අපි අනුමැතිය දුන්නා.ඒ අනුව ලබාදෙන සමස්ත මුදල රුපියල් මිලියන හත්දහස් පන්සීයක් එය කඩිනමින් ලබාදෙන්න කියලා කිව්වා. ඒ වගේම මේ දක්වා ආපදාවකට පත්වෙලා ඉන්න පවුලකට අපි ගෙවන්න සූදානම් වෙලා හිටියේ රුපියල් 3,600ක මුදලක් පවුලේ සාමාජිකයින් අනුව, එම මුදල මේ වෙනකොට රුපියල් 10,500 දක්වා එක පවුලකට ගෙවන මුදල වැඩිකරලා තියෙනවා"
    source
     
    • Like
    Reactions: asbestos

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔව් පවුලේ සාමජිකයො ගාණ අනුව තමයි .. 2100 සිට 10500 දක්වා කියල ඔය සුද්ද සිංහලෙන් දාල තියෙන්නෙ බං 🤦

    ado me corona kale basila gewal wala minissunta 5000 bedapuwata banapu un neda!!

    - mona paththenda hina wenne?
    ශුවර් එකට 10000ක් දුන්න කියල එකවුන්ට්ස් පොතේ ලියල ඉතුරු 5000 සාක්කුවෙ දාගන්න ඇති ඕකා නං 😆
    ------ Post added on Dec 2, 2025 at 6:00 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    ඔව් පවුලේ සාමජිකයො ගාණ අනුව තමයි .. 2100 සිට 10500 දක්වා කියල ඔය සුද්ද සිංහලෙන් දාල තියෙන්නෙ බං 🤦


    ශුවර් එකට 10000ක් දුන්න කියල එකවුන්ට්ස් පොතේ ලියල ඉතුරු 5000 සාක්කුවෙ දාගන්න ඇති ඕකා නං 😆
    ------ Post added on Dec 2, 2025 at 6:00 PM
    ehma na grameya potha genalla assan aran gedettama deela yanne!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඔව් පවුලේ සාමජිකයො ගාණ අනුව තමයි .. 2100 සිට 10500 දක්වා කියල ඔය සුද්ද සිංහලෙන් දාල තියෙන්නෙ බං 🤦


    ශුවර් එකට 10000ක් දුන්න කියල එකවුන්ට්ස් පොතේ ලියල ඉතුරු 5000 සාක්කුවෙ දාගන්න ඇති ඕකා නං 😆
    ------ Post added on Dec 2, 2025 at 6:00 PM
    එක සතියක් දෙයි ඒක

    එච්චරයි.. මේ වෙච්ච දේ මතක තියෙන්නෙත් සති 2යි
     
    • Wow
    Reactions: Robinhood wage ekek