ආපදා සහන සේවා සහ හදිසි ප්රතිචාර වෙනුවෙන් 2025 අනුමත අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ඇති ප්රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 550 ක අතිරේක ප්රතිපාදන දැනටමත් සලසා තිබේ. එමෙන්ම, ආපදාවට පත් ජනතාවට වියළි ආහාර සඳහා පවුලක සාමාජිකයින් ගණන මත පදනම්ව සතියකට මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1,800 සිට රුපියල් 3,600 දක්වා වූ මුදල, රුපියල් 2,100 සිට රුපියල් 10,500 දක්වා වැඩි කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ.
නව ක්රමවේදය යටතේ සාමාජිකයන් දෙදෙනකු සිටින පවුලකට රුපියල් 4,200ක් ද, තිදෙනකු සිටින පවුලකට රුපියල් 6,300ක් සහ හතර දෙනකු සිටින පවුලකට රුපියල් 8,400ක් ද හිමිවනු ඇත. මීට පෙර සාමාජිකයන් පස් දෙනකු සිටින පවුලක් සඳහා ලබා දුන් රුපියල් 3,600ක මුදල රුපියල් 10,500 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

Last edited: