අද (22) අලුයම ගෝල්ෆේස් හි දී ආරක්ෂක අංශ විසින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් කත්මන්ඩු, ඩකා සහ නවදිල්ලිය කේන්ද්‍ර කරගත් සාර්ක් මාධ්‍ය සංසදය (SAARC Journalist Forum - SJF) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව එම සංවිධානය විරෝධය පළකර තිබෙනවා.
“SAARC මාධ්‍යවේදීන්ගේ සංසදය (SJF) ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව, සිදුවීම තරයේ හෙළා දකී. ශ්‍රී ලංකා ප්‍රෙස් ඉන්ස්ටියුට් හි වීඩියෝ මාධ්‍යවේදීන් වන චතුරංග සහ කසුන් කුමාරගේ යන අය ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඔවුහු ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ නොසන්සුන්කාරී වාතාවරණයක් වාර්තා කරමින් සිටියහ. ‘රාවය’ පුවත් පතේ හිටපු වාර්තාකරු රසික ගුණවර්ධනට ශ්‍රී ලංකා හමුදාවෙන් 16 දෙනකු පහර දී ඇත.
ප්‍රවෘත්ති මාධ්‍යවේදියෙකු සහ hashtag Generation හී සාමාජිකයෙකු වන සබීර් මොහොමද, BBC මාධ්‍යවේදිනියක වූ ජෙරීන් සැමුවෙල්ස් හට මෙන්ම ක්‍රියාකාරිකයෙකු සහ නීතිවේදියෙකු වන නුවන් බෝපගෙට පහරදී ඇත.
SAARC මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම සිද්ධියට විරෝධය පළ කර තරයේ හෙළා දකිමු. අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිද්ධීන් වහා නතර කර මාධ්‍ය නිදහස සහතික කරන ලෙසත්, වරදකරුවන් වූ ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු” යි එම නිවේදනයේ දැක්වෙනවා.