📰 ජනාධිපති හා පොහොට්ටුව ගැටුමක…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.


    ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ආණ්ඩුකාර ධුරයන් සඳහා වෙන වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල්සහගත තත්ත්වය ඇති වී තිබේ.


    හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක හා වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශාමෙල් සෙනරත් යන අය එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුකාර දුර සඳහා යෝජනා වී ඇත.


    මේ අතර දැනට ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන තිදෙනකුට තවදුරටත් එම ධුරයන් හි කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ලෙස පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.


    ලලිත් යූ ගමගේ, විලී ගමගේ, ඒ.ජේ. මුසම්මිල් තවදුරටත් එසේ ආණ්ඩුකාර ධුරයන්හි කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Drunk Mixed Martial Arts GIF by UFC