26,000ක් පමණ වන ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන කාර්ය මණ්ඩලය හරි අඩකින් අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයයේ සිටින සේවකයන් 4200 සේවකයන් 500ක් දක්වා අඩු කළ හැකි බව ද හෙතෙම පවසයි.
සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් මෙය කල හැකි බවත් අකාර්යක්‍ෂම සේවකයන් හේතුවෙන් වෘත්තීය සමිති වර්ධනය වන බව ද ඔහු කියා සිටී.
තෙල් සංස්ථාව, තෙල් තොග ගබඩා පර්යන්තය, විදුලි බල මණ්ඩලය කාර්යක්‍ෂම සේවකයන් සිටියත් බහුතරයක් අකාර්යක්‍ෂම බවත් සියලු රාජ්‍ය ව්‍යාපාර ප‍්‍රතිව්‍යුහගත කළ යුතු බවද පවසන අමාත්‍යවරයා එම ආයතන පහතට වැටී ඇත්තේ ආකාර්යක්ෂමතාව, දේශපාලන තීරණ, දේශපාලන පත් කිරීම නිසා බවද පවසයි.
රාජ්‍ය අංශය තුළ වැටුප් ලබාදීම දක්ෂතාවය අනුව සිදුකළ යුතු බව ඔහු තවදුරටත් කියා සිටියි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.