📱 මොනවද මේ iPhone එක පිටිපස්සේ දාලා තියන සලකුණු ?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    📱 මොනවද මේ iPhone එක පිටිපස්සේ දාලා තියන සලකුණු ?

    අපි iPhone එක හැමදාම charge කරනවා, හැමතිස්සෙම calls ගන්නවා, ගොඩක් අය වෙලාව බලන්නෙත් එකෙන් ඉතින් iPhone එක අපිට මෙච්චර අපිට සමීප දෙයක් වෙලත් නිකම් හරි හිතුවද මොනවද මේ මගේ iPhone එක පිටිපස්සේ ගහල තියන සලකුණු කියලා, මේක 90% ම දෙනා වැඩිය හිතන්නේ නැති දෙයක් ඔන්න එහෙනම් අද ඉඳන් ඔයාලා දැනගැනී තමන්ගේ iPhone එකේ මොනවද මේ දාලා තියන සලකුණු කියලා.

    ඇත්තටම මේ මොනවද ?
    ඔව් අපි හැමෝම දන්නවා දැන් Apple Devices මුළු ලෝකෙම දෙනා බාවිතා කරනවා එක නිසා Apple Company එකට ඒවා ඒ රට වලට යනකොට ඒ රටවල් වල තියන කොන්දේසි වලට අනුව නිෂ්පාදනය කරන්න වෙනවා, එහෙමත් නැත්නම් ඒ රටට යවන්න කියල හදපු Device එකක් කියලා අඳුරගන්න වෙනවා, අන්න එකට තමයි ඔය වගේ සලකුණු ඇතුලත් කරලා තියෙන්නේ ඔතන රුප තිබුනට ඒවා ඇතුලේ ලොකු තේරුමක් තියනවා.

    අපි බලමු Europe වලට යන iPhone එකක තියන සලකුණු වල තේරුම

    ired-diafora-iphone-symbols-01-e1464356698715.jpg

    • CE : මේකෙන් කියන්නේ මේ උපකරණය පාවිචිචි කරන අයට බාවිතයට සුදුසු උපකරණයක් කියල
    • 0682 : මේකෙන් කියන්නේ මේ උපකරණය යුරෝපයේ සන්නිවේදන උපකරණයක් විකිනීමට අවශ්‍ය සුදුසුකම් තියනවා කියල
    • ! : අපි දන්නවා සන්නිවේදන උපකරණ වල mHz ප්‍රමාණයක් තියනවා එක නිසා මේකෙන් කියන්නේ මේ උපකරණය සමහර ස්ථාන හෝ රට වල තියන නීති වලට පිටතින් යන්න පුළුවන් කියලයි එක නිසා බාවිතා කරන ස්ථානය පිලිබඳ අවබෝදයෙන් ඉන්න කියල
    • අනිත් එක තමයි අපි හැමෝම දන්නා කුණුබක්කියට දාන්න එපා කියන එක එකෙන් පරිසරයට හානි වෙන නිසා එවැනි දේවල් දැමීමට හදල තියන තැන් වලට විතරක් දන්න කියලා
    ඔය අපි කිව්වේ Europe ගැන විතරක් වුනාට ඔයාට බලාගන්න පුළුවන් සියලුම රටවල් වලට යන Apple devices වල තියන සලකුණු.


    එකට iPhone එක අරගෙන
    Settings > General > Regulatory
    වලට යන්න


    rksntWa-168x300.jpg

    දැන් ඔතන ඔහොම ලොකු list එකක් එයි

    ඔතනින් බලාගන්න පුළුවන් වෙයි මේ වගේ සලකුණු හා ඒවා මොන රට වලටද අදාල වෙන්නේ කියල තමන්ගේ iPhone එකේ ගහල තියන එකට අනුව විස්තරේ බලාගන්න පුළුවන්. මේක ගොඩක් ම වැදගත් වෙන්නේ සමහර මෙහ කඩවල අය කියනවා මේක මෙහෙන් ගේනවා අරහෙන් ගේනවා කියලා, ඔන්න දැන් පිටිපස්ස හරවල බලන්න, තමන්ගේ iPhone එක හෝ Apple Device එක මොන රටට මොන රටේ නීතියට අනුව හදපු එකක් ද කියල තමන්ට බලාගන්න පුළුවන් .

    මේක Genuine විදිහට iPhone එකක් තෝරාගන්න හැටි Tip එකක් කියලත් අපිට සඳහන් කරන්න පුළුවන් මොනා උනත් දිගටම රැඳී සිටින්න අපිත් එක්ක ලංකාවේ Apple users ලට අවශ්‍ය සියලුම විස්තර අපි දෙන්න බලපොරොත්තු වෙනවා මේක තමන්ට වැදගත් වුනානම් යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.

    ** iPhone වල විතරක් නෙවෙයි, මෙහෙම අනික් Mobile Phone වලත් විස්තර බලන්න පුළුවන් Box එකේ හෝ Phone එක්ක එන Document එකෙන්.

    Share with every one. ➥Copy & Paste BUMP ;)



    Source: http://www.applesl.com/what-are-the-symbols-on-the-back-of-your-iphone-sinhala/
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    CE : මේකෙන් කියන්නේ මේ උපකරණය පාවිචිචි කරන අයට බාවිතයට සුදුසු උපකරණයක් කියල

    CE kyanne Certified in Europe hahah :lol:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    CE : මේකෙන් කියන්නේ මේ උපකරණය පාවිචිචි කරන අයට බාවිතයට සුදුසු උපකරණයක් කියල

    CE kyanne Certified in Europe hahah :lol:

    Its not wrong Its clearly said lets talk about Europe models kiyala

    so Certified in Europe means
    මේ උපකරණය පාවිචිචි කරන අයට බාවිතයට සුදුසු උපකරණයක් කියල
    writer no need to put name Europe every single time
    read again and understand
     
    Last edited: