📷🌎 වසර 163 ක් පැරණි ලොව පැරණිතම ගුවන් ඡායාරූපය (Aerial photograph) 🌍📷

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    දැනට නිරුපද්‍රිතව පවතින ලොව පැරණිතම "ගුවන් ඡායාරූපය" (Aerial photograph / Aerial photography) පහත දැක්වෙන කළු-සුදු ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. 1860 වසරේ ඔක්තෝම්බර් මස, එනම් මීට වසර 163 කට පෙර ලබාගත් මෙම ගුවන් ඡායාරූපය ලබාගෙන ඇත්තේ ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙකු වූ "James Wallace Black" විසිනි. උණුසුම් වායු බැලූනයක (Hot air baloon) නැගී ඇමරිකාවේ බොස්ටන් නගරයට ඉහළින් පියාසරමින් සිටි අවස්ථාවක ලබාගත් මෙම ඡායාරූපය පොළව මට්ටමේ සිට අඩි 2000 ක් පමණ ඉහළ සිට ලබාගෙන ඇත. මෙම ඡායාරූපය නම් කොට ඇත්තේ “Boston, as the Eagle and the Wild Goose See It” යන නමිනි. රයිට් සහෝදරයන් ලොව පළමු ගුවන් යානය නිපදවීමට වසර 43 කටත් පෙරදී මෙම ගුවන් ඡායාරූපය ලබාගෙන තිබීම මෙහි ඇති විශේෂත්වය ලෙස දැක්විය හැකිය.


    “Boston, as the Eagle and the Wild Goose See It” නම්ලොව පැරණිතම ගුවන් ඡායාරූපය (නිරුපද්‍රිතව පවතින)

    oldestsurvivingaerial.jpg

    "James Wallace Black" විසින් ලබාගත් ගුවන් ඡායාරූප අතුරින් ඉහත සදහන් කළ ඡායාරූපය හැරුණු විට නිරුපද්‍රිතව පවතින එකම ඡායාරූපය වන්නේ පහත දක්වා ඇති "Also held by the Met" ලෙස නම් කර ඇති ඡායාරූපයයි. මෙය ද බොස්ටන් නගරයට ඉහළින් උණුසුම් වායු බැලූනයක ගමන් කරමින් සිටින අතරතුර ලබාගත්තක් වන අතර එය මුල් ඡායාරූපයට වඩා ඉහළ උසක (අන්නතාංශයක) සිට ලබා ගෙන තිබේ.



    "Also held by the Met" ලෙස නම් කර ඇති ඡායාරූපය

    oldestsurvivingaerial2.jpg


    "James Wallace Black" ලබාගත් මෙම ගුවන් ඡායාරූප දැනට ලෝකයේ පවතින පැරණිතම ගුවන් ඡායාරූප ලෙස සැලකුවද, ලොව පැරණිතම ගුවන් ඡායාරූපය ලෙස සලකනු ලබන්නේ ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියෙකු වූ "Gaspard-Félix Tournachon" විසින් උණුසුම් වායු බැලූනයක් යොදාගනිමින් ප්‍රංශයේ පැරිස් නගරයට ඉහළි පියාසරමින් සිටි අවස්ථාවේ ලබාගත් ඡායාරූපයයි. 1858 වසරේ ලබාගත් මෙම ඡායාරූපය අවාසනාවකට මෙන් මේ වන විට විනාශ වී ගොස් තිබේ.


    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    කෝ එතකොට අපේ යක්ක පුත්තු දඬුමොණරේ ගිහිං ගහපු සීතගේ පොටෝ? :eek:
    දඬුමොනර හැදුවට කැමරා තිබිලා නෑ බොලව් ඒ කාලේ.
     
    • Haha
    Reactions: Stimulus mind

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,099
    113
    ලංකාවේ ගත්තු පරණම පින්තුරේ මොකක්ද?
     

    Similar threads