🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 28 - Supernova Remnant "RCW 86" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    nvexcIu.jpg


    ක්‍රිස්තු පූර්ව 185 දී, 'Nanmen' නම් තාරකා රටාවෙහි දක්නට ලැබුණු නව තාරකාවක් පිළිබදව චීන තාරකා විද්‍යාඥයන් විසින් තොරතුරු වාර්ථා කර තිබේ. මෙම තාරකාව දිස්වූ කලාපය වර්ථමානයේ තාරකා විද්‍යාඥයන් විසින් Alpha සහ Beta Centauri ලෙස හදුන්වන තාරකාවන් පිහිටා ඇති කලාපයට අයත් වන අතර මාස කීපයක් පුරාවට දිස්වූ මෙම තාරකාව, මිනිස් ඉතිහාසය තුල සුපර්නෝවා සංසිද්ධියක් පිළිබදව වාර්ථා කළ මුල්ම හා පැරණිතම අවස්ථාව ලෙස සලකනු ලබයි. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන මෙම ඡායාරූපය මගින් ඉහත සදහන් කළ සුපර්නෝවා පිපිරීමෙන් පසුව අවශේෂ වූ කොටස් (Supernova Remnant) මගින් නිර්මාණය වූ 'RCW 86' නමින් හදුන්වන විමෝචන නිහාරිකාව (emission nebula) නිරූපණය කෙරේ. මෙම ඡායාරූපයෙහි ඇතුළත් පටු කලාප දත්ත (narrowband data) මගින් ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින සුපර්නෝවා පිපිරුමෙහි කම්පන තරංගය හේතුවෙන් සිදුවන වායු අයනීකරණය වීමේ ක්‍රියාවලිය ග්‍රහණය කර ගැනීමට සමත් වී ඇත.

    මෙහි ලබාගත් වෙනත් ඡායාරූප මගින් ද මෙම 'Supernova Remnant'එකෙහි වූ යකඩ මූලද්‍රව්‍යයේ බහුලත්වය හා නියුට්‍රෝන තාරකාවක් හෝ 'pulsar' නොමැතිකම සනාථ වන අතර මේ හේතුවෙන් මෙම සුපර්නෝවාව, සුපර්නෝවා වර්ගීකරණයට අනුව "Type Ia supernova" යටතට අයත් වේ. සාමාන්‍යයෙන් විශාල තාරකාවන්ගේ හරය බිදවැටීම හේතුවෙන් සුපර්නෝවා පිපිරීම් සිදුවුව ද, "Type Ia supernova" හටගන්නේ සහචර ද්විමය තාරකා පද්ධතියකින් ද්‍රව්‍යයන් ඇද ගන්නා සුදු වාමන තාරකාවක හටගන්නා තාප න්‍යෂ්ටික පිපිරීමක් හේතුවෙනි. අපේ ක්ෂීරපථයේ තලය අසලට වන්නට දිස්වන මෙම 'RCW 86' නමින් හදුන්වන විමෝචන නිහාරිකාව එනම් 'supernova remnant' එක ඉතා බොද වූ ආකාරයෙන් දිස්වීම හේතුවෙන් පියවි ඇසින් නිරීක්ශනය කිරීමට අවකාශය නොලැබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8000 ඈතින් 'Circinus' තාරකා රාශියේ පිහිටා ඇති මෙම 'RCW 86' විමෝචන නිහාරිකාව (supernova remnant) ආලෝක වර්ෂ 100 ක පමණ වපසරියක් පුරා විහිදී ගොස් ඇත.


    Image Credit & Copyright: Martin Pugh

    RCW86_MP.jpg





    RCW 86






    Supernova

    Supernova remnant

    Type Ia supernova


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113

    දවසේ නාසා ඡායාරූපය​

    දිනය: 2023 මාර්තු 03

    'RCW 86' නමින් හදුන්වන විමෝචන නිහාරිකාව (emission nebula) නිරූපණය කෙරෙනතවත් අපූරු ඡායාරූපයක් පහත දැක්වේ. මෙය "Cerro Tololo Inter-American Observatory" නමින් හදුන්වන චිලී රාජ්‍යයේ පිහිටුවා ඇති අහ්‍යවකාශ නිරීක්ශනාගාරයෙහි ඉදිකර ඇති "Víctor M. Blanco 4-m telescope" නම් "දෘෂ්‍ය/පරාවර්තන දුරේක්ෂයෙහි" (Optical/reflecting telescope) සවිකර තිබෙන "Dark Energy Camera" (DECam) නම් වූ "wide-field CCD imager" ගනයට අයත් කැමරාව මගින් ලබාගත් ලබා ගත්තකි.

    Image Credit: CTIO/NOIRLab/DOE/NSF/AURA, T.A. Rector (Univ.of Alaska/NSF’s NOIRLab),
    J. Miller (Gemini Obs./NSF’s NOIRLab), M. Zamani & D. de Martin (NSF’s NOIRLab)

    noirlab2307a2048c.jpg