📸 ඡායාරූපයක සැඟවුණු සත්‍යය - Proof (1991) 🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වුණු 'Proof (1991)' කියන මේ චිත්‍රපටිය "Jocelyn Moorhouse" කියන ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂවරිය විසින් තමයි තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරේ. තමන් යන තැන්වල වගේම ඒ තැන්වලදි හම්බවෙන විවිධාකර පුද්ගලයන්ගෙ ඡායාරූප අරගන්න එක අනිවාර්ය පුරුද්දක් කරගත්තු 'මාටින්' කියන උපතින් ම අන්ධ පුද්ගලයා වටේ තමයි මේ චිත්‍රපටියෙ කතාව ගොඩ නැගෙන්නෙ. මාටින්ට දැනෙන අනෙක් සංවේදනයන්ගෙන් අවට ලෝකෙ ගැන ග්‍රහණය කරගන්න දේවල්, මෙයා ගන්න ඡායාරූප එක්ක හරියටම ගැළපෙනව ද, ඒව සත්‍ය ද, අසත්‍ය ද කියලා අනිත් අය මාර්ගයෙන් දැනගන්න අරමුණෙන් තමයි මාටින් මේ විදිහට ඡායාරූප ලබා ගත්තෙ. Hugo Weaving (මාටින්ගෙ චරිතය), Russell Crowe, Geneviève Picot මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පොවද්දි, මාටින්ගෙ අම්මගෙ චරිතෙට "Heather Mitchell" ත්, මාටින්ගෙ පොඩි කාලෙ චරිතෙට "Jeffrey Walker" රංගනයෙන් දායක වුණා.


    MV5BMThhN2ZjNTItMjdmNi00MWIzLTllZDctZjQxYWU0NGY5ZTJhXkEyXkFqcGc@._V1_.jpg







    158000152_c2f35d.jpg

    proof14.jpg

    MV5BMjA3ODcxMzQzMl5BMl5BanBnXkFtZTcwNTQ1NjU0NA@@._V1_.jpg




    මායා බන්ධන (Spellbinder) ටෙලි සිරීස් එක, "Ocean Girl" වගේ ම "Round the Twist" බලපු අයට නම් "Heather Mitchell" යි, "Jeffrey Walker" වයි අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕන වෙන එකක් නෑ.


    YCmFImi.jpg
    3hs02X8.jpg




    ඕස්ට්‍රේලියාවෙ වාර්ෂිකව පවත්වන ප්‍රධාන ම සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙල වෙන "Australian Film Institute Awards" වල 1991 වසරෙ පැවැත්වුණු සම්මාන උළෙලෙ දි වසරේ හොදම චිත්‍රපටිය ඇතුළුව සම්මාන 8 කට නිර්දේෂ වෙලා ඉන් සම්මාන 6 ක් දිනාගන්නත් මේ 'Proof (1991)' චිත්‍රපටිය සමත් වුණා.

    "Australian Film Institute Awards - 1991" : ජයග්‍රහණය කළ සම්මාන


    හොදම චිත්‍රපටිය
    හොදම අධ්‍යක්ෂණය (Jocelyn Moorhouse)
    හොදම නළුවා (Hugo Weaving)
    හොදම සහය නළුවා (Russell Crowe)
    හොදම තිර රචනය (Jocelyn Moorhouse)
    හොදම සංස්කරණය (Ken Sallows)


    නිර්දේෂ වූ සම්මාන


    හොදම නිළිය (Geneviève Picot)
    හොදම ශබ්ද සංකලනය



    ✨අපි හැමදාම බලන චිත්‍රපටිවල තියෙන කතාවලට වඩා වෙනස් ම විදිහෙ කතාවක් තියෙන වගේම අවසානෙ අපිට හිතන්න දෙයක් ඉතුරු කරන, drama/comedy drama/romance වගේ 'genres' වල ලක්ෂණ ඇතුළත් වුණු හොද චිත්‍රපටියක්. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න.