Martin Scorsese කියන්නේ සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබපු තවමත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ සිනමා ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස හදුන්වන්න පුලුවන්.The Irishman චිත්‍රපටයෙන් පස්සේ ඔහු අධ්‍යක්ෂණය කරන්නට සැරසෙන නවතම සිනමා නිර්මාණය පිළිබදව කරුණු ස්වල්පයක් ගෙන එන්නයි මං අද සූදානම් වෙන්නේ.
‘Killers of the Flower Moon’ නම් මේ චිත්‍රපටය ප්‍රවීණ ග්රන්ථ රචකයෙකු වන David Grann විසින් එනමින් ම රචිත ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය වන්නක්. Osage people නම් හැදින්වුණු ඇමරිකාවේ, Oklahoma හි Osage නගරයේ ජීවත්වුණු ධනවත් ස්වදේශික ජනකොටසක් ඉලක්ක කරගෙන සිදුවුණු අභිරහස් ඝාතන මාලාවක් හා එම ඝාතන පිටුපස සිටි පුද්ගලයන් සොයා සිදුකළ ගවේෂණයත්, ඒ සදහා FBI ආයතනය හා එවකට එහි අධ්‍යක්ෂක ධූරය දැරූ J. Edgar Hoover ඒ සදහා තම දායකත්වය ලබා දුන් ආකාරයත් මේ චිත්‍රපටයේ කතා සන්ධර්බයට ඇතුළත් වනවා.
Apple ආයතනයට අයත් Apple Films සමාගම විසින් නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයට අති දැවැන්ත වියදමක් එනම් ඩොලර් මිලියන 200 කට ආසන්න නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන බවත් සදහන් වනවා. Martin Scorsese සිනමා දිවියේදී අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සදහා ප්‍රධාන රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන Robert De Niro හා Leonardo DiCaprio යන දෙදෙනාම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වීම විශේෂත්වයක් ලෙස දැක්වීමට පුලුවන්. මේ දෙපළට අමතරව Jesse Plemons, Lily Gladstone,Brendan Fraser හා John Lithgow වැනි රංගනශිල්පීන් රැසක් රංගන දායකත්වය ලබා දෙන මේ චිත්‍රපටයේ තිර රචනයෙන් ඔස්කාර් සම්මාන ලාබී ප්‍රවීණ තිර රචකයකු වන Eric Roth දායක වනවා.
Brendan Fraser
John Lithgow
තිර රචනය - Eric Roth
Martin Scorsese ගේ The Wolf of Wall Street චිත්‍රපටයේ සිට The Irishman චිත්‍රපටය දක්වා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු ප්‍රවීණ කැමරා අධ්යක්ෂ Rodrigo Prieto මෙවරද තම දායකත්වය මේ චිත්‍රපටය වෙනුවෙන් ලබා දෙන අතර සංගීතයෙන් ප්‍රවීණ සංගීත අධ්යක්ෂ Robbie Robertson දායක වනවා. පසුතල නිර්මාණයෙන් සම්මානනීය පසුතල නිර්මාණ ශිල්පියෙකු වන Jack Fisk දායක වන මෙම චිත්‍රපටය Martin Scorsese විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් වැඩිම වියදමක් දරමින් නිර්මාණය කරන චිත්‍රපටය ද වනවා.
කැමරා අධ්යක්ෂ - Rodrigo Prieto
Martin Scorsese චිත්‍රපටය නිර්මාණය වෙනුවෙන් මූලාශ්රයන් හා ඓතිහාසික කරුණු ලබා ගැනීමට Osage ස්වදේශික ජනයා හමුවී තොරතුරු එක්රැස් කර ඇති අතර Osage ජනයාගේ වර්ථමාන නායකයා වන Geoffrey Standing Bear මහතා මේ චිත්‍රපටයේ ප්‍රධාන උපදේශකවරයා වරයා ලෙස ද කටයුතු කරනවා.
Geoffrey Standing Bear
Covid-19 වසංගතය නිසා කිහිපවරක් ම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වන දිනය ප්‍රමාද වූ අතර අවසානයේ 2021 අප්‍රේල් මසදී රූපගත කිරීම් ආරම්භ කිරීමට හැකිවුණා.ඒ ඇමරිකාවේ Oklahoma හීදීයි. ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පිනී Thelma Schoonmaker සංස්කරණයෙන් දායක වන "Killers of the Flower Moon" චිත්‍රපටය තිරගත කිරීමට අපේක්ශා කරගෙන සිටින්නේ 2022 වසරේයි.
අඩසියවකටත් අධික කාලයක සිට ලෝක සිනමාවට විශිෂ්ට සිනමා නිර්මාණයන් රැසක් තිළිණ කළ Martin Scorsese නම් ඒ විශිෂ්ට සිනමාවේදියාගේ මීලග සිනමා නිර්මාණය වන Killers of the Flower Moon සිනමා ප්‍රේක්ශකයන් විසින් නැරඹීමට නොඉවසිල්ලෙන් සිටින සිනමා පටයක් වනවා සේම එය Martin Scorsese ගේ චිත්‍රපට ගොන්නට එකතු වන තවත් විශිෂ්ට සිනමා කෘතියක් බවට පත්වනු නොඅනුමානය.
චිත්‍රපටයේ ප්‍රථම නිල ඡායාරූපය.
රූපගත කිරීම් අතරතුර
ආයේ මේ වගේ සිනමාව සම්බන්ධ ලිපියකින් ඉදිරියෙදි හමුවෙන බලාපොරොත්තුවෙන් එහෙනම් මං මගේ ලිපිය අවසන් කරනවා. අඩුම තරමේ BUMP එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා.

Osage ජනයා
ග්‍රන්ථය රචනා කළ David Grann

Last edited: