මාරාන්තික රෝගී තත්ත්වයන් සහ අසාත්මිකතාවන් ඇති කරන "Candida auris" (C. auris) නම් දිලීරය (Fungus) ඇමරිකා එක්සත් ජනපදය තුළ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention - CDC) මේ වන විට ප්‍රකාශ කොට තිබේ. 2009 වසරේදී ආසියාවෙන් ප්‍රථමවරට සොයාගත් මෙම "Candida auris" දිලීරය මගින් ප්‍රතිශක්තීකරන පද්ධතිය දුර්වල පුද්ගලයන් හට දරුණු ගණයේ අසාත්මිකතාවයන් ඇති කරවීමට සමත්කම් දක්වන අතර මෙය ආසාදනය වීම හේතුවෙන් රුධිර ආසාධන තත්ත්වයන් මෙන්ම මරණය පවා ද ඇති කළ හැකිය. ඇමරිකාව තුළදී මෙම දිලීරය ප්‍රථමවරට සොයා ගැණුනේ 2016 වසරේදී ය.
නමුත් 2020 වර්ෂයත් 2021 වර්ෂයත් අතර කාලසීමාව තුළ මෙම දිලීර ආසාධන තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ රෝහල්වලට ඇතුළත් කරන ලද රෝගීන්ගේ ප්‍රතිශතය 95% පමණ ඉහළ යාම හේතුවෙන් 'CDC' ආයතනයේ අවධානය මේ දෙසට වඩාත් යොමුවීමට හේතු වී තිබේ. දිලීර රෝග සදහා ලබාදෙන ඖෂධයන්ට හා ප්‍රතිකාරයන්ට බොහෝවිට ප්‍රතිරෝධී වීම ද මේ දිලීරය සතු සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකි අතර සීඝ්රයෙන් ව්‍යාප්ථ වීමේ හැකියාවක් ද පෙන්නුම් කරයි. ඉහත සදහන් කළ පරිදි ප්රතිශක්තීකරණය ඉහළ පුද්ගලයන්ට මෙයින් එල්ලවන බලපෑම අවම ප්‍රමාණයක් ගත්ත ද, මෙම දිලීරයෙහි පවතින සීඝ්රයෙන් ව්යාප්ථවීමට ඇති හැකියාව හේතුවෙන් අනාගතයේදී නිරෝගී පුද්ගලයන්ට පවා දරුණු ගණයේ අසාත්මිකතාවයන් ඇති කළ හැකි දිලීරයක් බවට මෙය පරිණාමය වෙතැයි යන බිය විද්‍යාඥයන් අතර මේ වනවිට හටගෙන තිබේ.
Last edited:

2 වන විනාඩියෙ තත්පර 30 ඉදලා බලන්න.