🔴🔴🔴 ඡන්දය සලකුණු කිරීමෙන් පසු නාමල් ජනතාව ගැන කියූ දේ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    1726921561-namal-l.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

    සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ,

    "ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ, අපි බොරු කියලා නැහැ. මහත්තයා ඡන්දය ඉල්ලනවා නම් ඒකට නෝනයි, ළමයි අල්ලගෙන වැඩක් නැහැ. ඒ වගේම තමයි අපි බයේ පැනලා දුවන දේශපාලන බලවේගයක් නෙමෙයි. පැහැදිලිවම කියන්න ඕන, සමහර බොහෝ දේශපාලඥයන්ට වඩා ජනතාව බුද්ධිමත්".