මීට ටික වෙලාවකට කලින් මම මගේ පුද්ගලික වැඩක් කර ගන්න ගියා මහරගමට. මහරගම සුපිරි වෙළෙඳසැල අසල ඇති ලොතරැයි කූඩුවේ කිහිප දෙනෙක් වටවෙලා යමක් කථා කරමින් වගේ ඉන්න නිසා මම මොකද්ද කියල බලන්න පොඩ්ඩක් ඔලුව දැම්මා. මැදි වයසේ පිරිමි පුද්ගලයෙක් ලොතරැයි ගන්න ඇවිත් ඉන්න මිනිස්සු ඉස්සරහා තෙල බෙදමින් ඉන්නවා ලොතරැයි ගන්න ගමන්ම, ඔහු කියපුවා ඔහුගේ වචන වලින්ම කිව්වෙත්....
"දැන් අනේ ගෝඨාභය තමයි දිනන්න ඕනෙ ඒකේ විවාදයක් නෑ... ඒත් ගෝටාභය දින්නත් අර පුරවැසිභාවය ප්‍රශ්න එනවලු... ඒ ඇවිල්ලා ගෝඨාභයට රටේ ජනාධිපති වෙන්න බැරි වෙනවා... එහෙම වුනොත් මල කෙලියක් නේ වෙන්නේ... මොකද දෙවැනි අපේක්ශකයා තුන්වෙනි අපේක්ෂකයා කාටවත් 50% ගන්න බැරි වුණොත් රටම අවුල් වෙනවා... ඒ නිසා දෙවැනි අපේක්ෂකයා 50% ගන්න තැනට වැඩ කරන්න සිද්ධ වෙනවා... අනුරටත් 50% ගන්න බැරි එකේ සජිත් තමයි ඉතින් ඒක කරන්නේ ඉන්නේ.. අනේ මන්දා සජිත්ට දෙන්න වෙනවා ඉතින් එහෙම වුනොත් රට අවුල් වෙන්නැතුව බේරගන්න පුළුවන් වෙන්නේ එහෙමයි..."
මිනිහා කියපු දේ යටි අරුත මටත් තේරුනේ ටිකක් වෙලා ගියාට පස්සෙ. ගෝඨාභයට විතරක් නෙමෙයි අනුරට ලැබෙන්න තියෙන ඡන්ද හරවන්න මොකක් හෝ උත්සාහයක යෙදෙනවා ද කියලා තේරුනා.
මෙහෙම කියපු පුද්ගලයා ලොතරැයි කීපයකුත් අරගෙන දෙහිවල පැත්තට පාර දිගේ යන්න ගියා. මිනිහා පස්සේ මම පොඩි ෆලෝ එකක් දැම්මා කවුද කියලා පොඩ්ඩක් බලන්න.
මහරගම පොළ ඉස්සරහ නවත්තලා තිබ්බ අළු පැහැති හයිඑස් වර්ගයේ වෑන් රථයක පිටිපස්සට මොහු ගොඩ වුනා. තවත් ඔහු වගේම කිහිප දෙනෙක් එම වෑන් රථයේ ඉන්නව දැක්කා. වෑන් රථය එතනින් හරෝගෙන නැවතත් මහරගම ඔරලෝසු කණුව පසු කරමින් නුගේගොඩ පැත්තට යන්න පිටත් වුනා. එවිටයි මම දුටුවේ එම වෑන් රථය ඉස්සරහ 'නිවාස සංවර්ධන අධිකාරිය' නමින් රාජ්‍ය ලාංඡනය ද සහිතව යම් බෝඩ් එකක් තබා ඇති ආකාරය.
රාජ්‍ය දේපලද පාවිච්චි කරමින් ව්‍යාජ මත ජනතාව අතර ප්‍රචලිත කරන්න යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි මෙයින් පැහැදිලි වන්නේ. එම පිරිස මහරගමින් නතර වෙන එකක් නැහැ ඉදිරි දිනවල තව බොහෝ ජනතාව ගැවසෙන ස්ථානවල මෙවැනි ව්‍යාජ පුවත් ප්‍රචාරය කරමින් යයි.
ඔබත් මහමග ගමන් ගනිද්දී අවධානයෙන් සිට සංවිධානාත්මකව මෙවන් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බංකොලොත් පුද්ගලයින් වහාම අල්ලා පොලිසියට භාරදෙන්න...!
- දසුන් වානගුරු
