🔴🔴🔴 Breaking News - අවශ්‍ය බලය යෙදවීමට පොලිසියට සහ හමුදාවට අවසර

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට බලය ලබා දී ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

    ඔහු සඳහන් කළේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් ඇතිවන ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් හෝ ජීවිත පුද්ගලික දේපළ හෝ පොදු දේපළවලට හානි කිරීමේ අරමුණින් කටයුතු කරන ඔනෑම අයෙකුට තදින්ම නීතිය ක්‍රියාත්මක කිරමට පොලිසියට සහ ත්‍රිවිද හමුදාවට අවශ්‍ය බලය පවරා ඇති බවයි.

    මේ අතර ඇතැම් අමිහිරි සිදුවීම් සිදුවිය හැකි බවට ලැබී ඇති වාර්තා මෙන්ම බුද්ධි තොරතුරු මත මහජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳිරි නීතිය පැනවූ බවයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න කියාසිටියේ.

    ඒ අනුව පවතින ඇඳිරි නීති තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවෙස්වලට වී සාමකාමීව කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලීමක් කරනවා.

    --- Hiru

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අරගලයෙන් ලොකු වෙනසක් වෙන්නෙ ආර්මි එකයි පොලීසියයි අරගලයට බැස්සම තමයි. එතකොට බ්ලොක් කරන්න මොකෙක්වත් නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන
    ඉතින් සාමාන්‍ය ජනතාවනේ අරගල කරන්නේ
    සාමාන්‍ය ජනතාවට හිරිහැර වෙන?
    එහෙනම් පොලිස් කාරයොන්ව තමයි arrest කරන්න ඕන
     
    • Haha
    Reactions: ruwper and HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අරගලයෙන් ලොකු වෙනසක් වෙන්නෙ ආර්මි එකයි පොලීසියයි අරගලයට බැස්සම තමයි. එතකොට බ්ලොක් කරන්න මොකෙක්වත් නෑ.
    පඩි දෙන එකාට නැට්ට වනන උන්ගෙන් මොන අරගල ද බං
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරගලේ සාමකාමි නම් ගැටලුවක් නැනෙ , මිනි මරල බස් ගිනි තියල ආයෙ නටන්ඩ ගියොත් නම් ගියපාර වගේ බලන් ඉන්න එකක් නැ, පොන්න කාදිනලට මේ පාට මිනි මස් කාල ලේ බොන්ඩ ලැබෙන ප්‍රමානය අඩු වෙයි
     
    • Wow
    Reactions: Hasitha22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට බලය ලබා දී ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

    ඔහු සඳහන් කළේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් ඇතිවන ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් හෝ ජීවිත පුද්ගලික දේපළ හෝ පොදු දේපළවලට හානි කිරීමේ අරමුණින් කටයුතු කරන ඔනෑම අයෙකුට තදින්ම නීතිය ක්‍රියාත්මක කිරමට පොලිසියට සහ ත්‍රිවිද හමුදාවට අවශ්‍ය බලය පවරා ඇති බවයි.

    මේ අතර ඇතැම් අමිහිරි සිදුවීම් සිදුවිය හැකි බවට ලැබී ඇති වාර්තා මෙන්ම බුද්ධි තොරතුරු මත මහජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳිරි නීතිය පැනවූ බවයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න කියාසිටියේ.

    ඒ අනුව පවතින ඇඳිරි නීති තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවෙස්වලට වී සාමකාමීව කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලීමක් කරනවා.

    --- Hiru

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
    munta balapam ella wenawa neda?
    lol